බෝම්බකරුවන්ගේ සිරුරු මුස්ලිම් දේවස්ථානවල මිහිදන් නොකිරීමේ තීරණයක් !

බෝම්බකරුවන්ගේ සිරුරු මුස්ලිම් දේවස්ථානවල මිහිදන් නොකිරීමේ තීරණයක් !

ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම්වලට සම්බන්ධවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ සිරුරු ශ්‍රී ලංකාවේ මුස්ලිම් දේවස්ථානවල මිහිදන් කිරීම සඳහා භාරනොගන්නා බව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය පවසයි.

"අහිංසක ජිවිත බිලිගත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය කළ අය අපේ අයෙක් නොවේ. අපි ඔවුන්ගේ සිරුරු බාරගන්නේ නැහැ," ජමියතුල් උලමා සංවිධානයේ සභාපති මවුලවි එම් අයි එම් රිස්‌වි බ්‍රහස්පතින්දා (අප්‍රේල් 25) කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් 9 දෙනෙකු පාස්කු ඉරුදින (අප්‍රේල් 21) ශ්‍රී ලංකාවේ සිදුවූ පිපිරීම්වලට සම්බන්ධවී තිබුණු අතර ඔවුන් ප්‍රහාරයට වගකිව යුතු බවට සැකකෙරෙන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයන් බව පොලිසිය පවසා තිබේ.

"ඉස්ලාම් තමයි තිබිය යුතු එකම ආගම" යන පදනම මත ඔවුන් මෙම මරාගෙන මැරෙන ප්‍රාහාර එල්ල කර ඇති බවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

බ්‍රහස්පතින්දා මාධ්‍ය හමුවේදී මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය පැවසුවේ "අහිංසක මිනිසුන්ට එරෙහිව ම්ලේච්ඡ ප්‍රහාර දියත් කළ මෙම පිරිස" තම කොටසක් ලෙස පිළිනොගන්නා බවය.

මෙහිදී ජාතික තව්හිත් ජමා'අත් සංවිධානයේ (NTJ) නායකයා ලෙස සැලකෙන මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් ගැන ද අදහස් පළවූ අතර ඔහුගේ සැකකටයුතු හැසිරීම ගැන වසර කිහිපයකටම පෙර ආරක්ෂක අංශ දැනුවත් කළ බවද එහිදී මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය ප්‍රකාශ කළේය.

අන්තවාදී සියළු සංවිධාන තහනම් කිරීමට සිය විරෝධයක් නොමැති බව ද ජමියතුල් උලමා සංවිධානය පැවසීය.

(බීබීසී සිංහල සේවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න