හමුදාවේ 11ක් මැරිලා - පියල් බොරු කියයි : ජනාධිපතිවරණයට එනවා - ගෝඨා කියයි !

හමුදාවේ 11ක් මැරිලා - පියල් බොරු කියයි : ජනාධිපතිවරණයට එනවා - ගෝඨා කියයි !

මුස්ලීම් අන්තවාදය තුරන් කිරීම සදහා තමන් ඊලඟ ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.

රොයිටර් පුවත් සේවය වෙත ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සදහන් කර ඇත.

පියල් නිශාන්ත බොරු කියා වැඩ අල්ලයි !

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත පවසා ඇත්තේ කල්මුණේ සහ ඒ ප්‍රදේශයේ ඇතිවූ ගැටුමකදී ආරක්ෂක අංශ සාමාජිකයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

එසේම තම ප්‍රකාශය සත්‍ය බවට තමන් පපුවේ අත තබා සහතික කරන බවත් ඔහු පවසා ඇත.

ආරක්ෂක අංශ කිසිවෙකුට අනතුරක් නෑ -පොලිස් මාධ්‍ය ප්‍රකාශක

කෙසේ වුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ ගැටුමෙන් ආරක්ෂක අංශ සාමාජිකයන් කිසිවෙකුට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

එහිදී ආරක්ෂක අංශ වෙත ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකළ බවත් එහිදී මරාගෙන මැරෙන බෝම්බ කරුවන් තිදෙනෙකු බෝම්බ පුපුරුවා ගෙන මියගිය බවත් වාර්තා වෙයි.

පොලිස් විශේෂ කාර්‍ය බලකායේ හා හමුදාව එම ස්ථානය වැටලූ අවස්ථාවේ දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී 15 දෙනෙකුගේ සිරුරු හමුව ඇති බවත් වාර්තා වෙයි.

කුමාරයාගේ ට්වීටර් පණිවිඩය !

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ හිටපු ප්‍රධානියා වුණු සෙයිද් රාද් අල් හුසේන් කුමාරයා තමන්ගේ ට්වීටර් ගිණුමේ සටහනක් තබා තිබුණි.

එහිදී ඔහු ප්‍රශ්නාර්ථයක් ලෙස මතුකර තිබුණේ තුන්සිය පනහකට අධික ජනකායකට මරු කැඳවමින් පාස්කු ඉරිදා පුපුරවන ලද බෝම්බ මාලාව සහ ශ්‍රී ලංකාවේ ඡන්දය අතර සම්බන්ධයක් තියනවාද යන්නය.

ගෝඨා සහ පියල්ගේ ප්‍රකාශ !

ඒ අනූව ගෝඨාභය රාජපක්ෂ එක් පසෙකින් තමන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වී මුස්ලීම් අන්තවාදය පරාජය කරන බව ප්‍රකාශ කරන විට අනෙක් පසින් රාජපක්ෂ පාර්ශවයේ පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සාවද්‍ය පුවත් ප්‍රසිද්ධියේ මාධ්‍ය හරහා පතුරවමින් සිටියි.

මේ අනුව කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ සිදුවන දේශපාලන නාටක ඉදිරියේ දී තවත් දැකබලා ගන්නට ලැබෙණු ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න