කල්මුණේ සයින්දමරදු ප්‍රදේශයේ ලැගුම් ගෙන සිටි ත්‍රස්තවාදීන් පිරිස සම්බන්ධව තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදුන්නේ එම ප්‍රදේශයේ පල්ලිය සහ ඒ ආශ්‍රිතව වෙසෙන මුස්ලීම් ජාතිකයන් පිරිසක් බව ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම සමන්තුරෙයි හිදී අත්අඩංගුවට ගනුලැබූ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධව සියළු තොරතුරු ලබාදුන්නේද එම ප්‍රදේශයේ වෙසෙන මුස්ලීම් තරුණයන් පිරිසක් විසින් බවත් එම ආරංචි මාර්ග සදහන් කර සිටියි.
මෙහිදී ආරක්ෂක අංශ සදහන් කර සිටින්නේ ඉදිරි විමර්ශන කටයුතු සදහා ද මුස්ලීම් ප්‍රජාව වෙතින් ලැබෙන සහය ඉතා වැදගත් වන බවත් විමර්ශන ඉදිරියට ගෙන ගොස් සාර්ථකව තත්ත්වය පාලනය කර සමස්ථ රටේම ආරක්ෂාව තහවුරු කිරීමට මෙම සහය තීරණාත්මක බවය.
එමෙන්ම මරාගෙන මැරෙන බෝම්බකරුවන්, බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය , ගැටුම් සහ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධව ව්‍යාජ පුවත් පළකිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් ගැන තොරතුරු වාර්තා වෙමින් තිබෙන බවත් ජනතාව නොමග යවන ව්‍යාජ පුවත් පතුරවන පාර්ශව හදුනාගෙන ඔවුන් එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

