තඹ කම්හලයි - ජනාධිපති මල්ලිගෙයි සම්බන්ධයක් නිසා වෙබ් වාරණයක් !

තඹ කම්හලයි - ජනාධිපති මල්ලිගෙයි සම්බන්ධයක් නිසා වෙබ් වාරණයක් !

පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනිමින් බෝම්බ එල්ල කිරීමට පැමිණි ත්‍රස්තවාදීන් සමඟ ජනාධිපති සිරිසේනගේ සහෝදරයා වන කුමාරසිරි සිරිසේනගේ සම්බන්ධතාවයක් ඇති බවට පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් මුල්වරට ඒ පිළිබඳ කරුණු අනාවරණය කළ අතර එම තොරතුරු ජනතාව හමුවේ අනාවරණය කළ මාධ්‍ය වාරණය කිරීමටද කුමාරසිරි සිරිසේන මේ වන විට කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

නෙත් එෆ්.එම් වෙබ් අඩවියේ මාධ්‍යවේදියකු මේ සම්බන්ධව එම පුවත තහවුරු කර සිටියේය.

ඔහු සදහන් කර සිටියේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන කුමාරසිරි සිරිසේන එම සමාගමේ අබලි කේබල් විකිණිම නිසි ටෙන්ඩර් පටිපාටියකින් තොරව ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දීමේ සම්බන්ධයෙන් තොරතුරු මාධ්‍ය වෙත අනාවරණය වීමත් සමඟ එම තොරතුරු වාර්තා කළ නෙත් ගොසිප් වෙබ් අඩවිය ඇතුලු තවත් ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක් තම බලය අනිසි ලෙස භාවිතා කරමින් අවහිර කර තිබෙන බවය.

එසේම කුමාරසිරි සිරිසේන විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අබලි කේබල් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දුන් ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කළ වෙබ් අඩවි SLT සහ Mobitel ජාල වලින් අක්‍රීය කර තිබෙන්නේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේද දැනුවත් භාවයකින් තොරව බවද ඔහු පැවසීය.

නමුත් මේ වන විට එම බාධා ඉවත්කර ඇති බවත් වාර්තා වෙයි.

සංස්කාරක සටහන : මූලාශ්‍රය තහවුරු කිරීමට පාර්ශවයක් සිටියදී දේශපාලන බලය අයුතු ලෙස යොදාගෙන සිදුකරන මෙබඳු ක්‍රියා මාධ්‍ය මර්දනයක් මිස අනෙකක් නොවේ.

 පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ විසින් මේ පිළිබඳව නිකුත් කළ නිවේදනය පහතින්.

 ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ අබලි කේබල් විකිණිම සදහා ටෙන්ඩරයක් පිට පාරෙන් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුගේ තඔ කම්හලට ලබා දී ඇති බවට අප සංවිධානය විසින් කරන ලද හෙළිදරව්ව මෙරට ප්‍රධාන වෙබ් අඩවි කිහිපයක් ඊයේ දිනයේදී වාර්තා කර තිබියදී විනාඩි කිහිපයකින් මොබිටෙල් හා ටෙලිකොම් සම්බන්ධතාවලින් එම වෙම් අඩවි වෙත පිවිසීම අවහිර කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේන ඇතුලු නඩය කටයුතු කර ඇති බව අපට පෙනී ගියේය.

එම පුවත nethgossip.lk/article/33755 උක්ත වෙබ් අඩවිය වාර්තා කර තිබූ අතර ඊට විනාඩි කිහිපයකට පසු එම වෙබ් අඩවිය අවහිර කර තිබුණි. පැය කිහිපයකට පසු නැවත එම වෙබ් අඩවියට පිවිසිමේදී එම පුවත ඉවත්කර ඇති බව දැක ගැනීමට හැකි විය. අප විසින් එල්ල කර ඇති චෝදනාව වැරදි නම් ඒ පිළිබදව ප්‍රකාශයක් කිරීමට ඇති අයිතියට අප ගරු කරන අතර එසේ නොකොට වෙබ් අඩවි මර්ධනය කිරීමටයාම අප තරයේ හෙළා දකිමු.

මාධ්‍ය සදහා සම්මාන උත්සව සංවිධානය කරන මේ රටේ ජනාධිපතිවරයාගේ මාධ්‍ය නිදහස මෙයදැයි අප ප්‍රශ්ණ කරන අතර මාධ්‍ය සදහා සම්මාන උත්සව සංවිධානය කරන්නේ තමන්ට එරෙහිව පුවත් පළකරන වෙබ් අඩවි හා මාධ්‍ය වේදීන් නිහඩ කරන්න යැයි අපි චෝදනා කරමු.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හෝ මොබිටෙල් ආයතනය කුමාරසිරි සිරිසේනගේ බූදලයක් නොවන බව අප ඔහුට මතක් කර සිටින අතර ඉතිහාසයේ මෙරට මාධ්‍ය මර්ධනය කල පුද්ගලයින්ට අත්වුනු ඉරණම කනගාටුදායක බවද මතක්කර සිටිමු.

ආදරණිය මාධ්‍යවේදී මහත්ම මහත්මියනි ඔබලා කරනු ලබන මෙහෙයට ජනතා සම්මාන ඔබට නිතැතින්ම පිරිණැමෙන අතර ඔබට පිරිනැමුණු ජනාධිපති සම්මානයට ඔබ සත්‍ය වසන්කරන්නේ නම් අපි ඒ පිළිබදව කණගාටුවෙමු.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ – සභාපති

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

FB IMG 1556358393005

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න