ඇමරිකාවට ගැහුවට බුෂ් ඉල්ලා අස්වුනාද? මම අස්වෙන්නේ මොකටද ? ජනාධිපති සිරිසේන

ඇමරිකාවට ගැහුවට බුෂ් ඉල්ලා අස්වුනාද? මම අස්වෙන්නේ මොකටද ? ජනාධිපති සිරිසේන

පසුගිය පාස්කු ඉරු දින සිදුවූ ප්‍රහාර මාලාව නිසා තමා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් නොමැති බව ජනාධිපති සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ ‘ස්කයි‘ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී ජනාධිපති සිරිසේන වැඩිදුරටත් සඳහන් කළේ 2001 ජුලි 11 වන දින ඇමෙරිකාවට එල්ල කරන ලද ප්‍රහාරවලින් පසුව ජෝර්ජ් ඩබ්ලිව. බුෂ් හිටපු ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉවත් නොවූ බවත් ඇමෙරිකාවේ ආරක්ෂාව තවදුරටත් තර කළ බවය.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා 2001 සිදු කළ ආකාරයට තමාද රටේ ආරක්ෂාව තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති සිරිසේන පවසා තිබේ.

එසේම රටේ ජනතාව තමාගෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලීම් කර නොමැති බවත් පාස්කු ඉරු දින සිදුවු ප්‍රහාර මාලාව සැලසුම් කිරීම පිටුපස විදේශීය සැලසුම්කරුවෙකු සිටින බවට විශ්වාස කළ හැකි බවත් ඔහු පවසා තිබේ.

බෝම්බකරුවන් සිය ප්‍රහාර එල්ල කිරීමට පෙර දුරකතනයෙන් කිසියම් පුද්ගලයෙකු හා අදහස් හුවමාරු කරගැනීම, ඔවුන් පුහුණුවලට සහභාගීවීම හා ඔවුන්ගේ නායකයින් විසින් සිදුකර ඇති ප්‍රකාශ හේතුවෙන් මෙම ප්‍රහාර මාලාව සඳහා විදෙස් සැලසුම්කරුවෙකුගේ උපදෙස් ලැබෙන්නට ඇති බවට විශ්වාසය පළ කළ හැකි බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර කුඩා රටවල් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීම අයි.එස්. සංවිධානයේ නව ක්‍රමෝපායක් විය හැකි බව එහිදී ප්‍රකාශ කර ඇති ජනාධිපති සිරිසේන ‘තම රට අත්හරින ලෙස‘ අයි.එස්. සංවිධානයට පණිවුඩයක් ද ලබාදී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න