අද (02) උදෑසන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බොරු බෝම්බ බියක් ඇති කිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අනාවරණය වී ඇති ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව සිදුව ඇත්තේ බෝම්බයක් සම්බන්ධව සාවද්‍ය ප්‍රචාරයක් පතුරවා අද දින නියමිතව තිබු ලිට්රෝ ගෑස් සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීම කල්දමා ගැනීම බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග තහවුරු කරයි.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට අද උදෑසන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ බෝම්බයක් ඇති බවට ප්‍රචාරයක් ගොස් ඇති අතර ඒ අනුව ආරක්ෂක අංශ කැඳවා එය පරීක්ෂා කර ඇත.
රක්ෂණයේ වැඩ පැය කිහිපයක් ප්‍රමාද වෙලා !
එහිදී සැකකටයුතු පාර්සලයක් හමුවී ඇතත් ඒ ආවරණය කරනු ලැබූ හිස් ටින් එකක් බව හෙළිවී තිබේ. කෙසේ වුවත් මේ හේතුවෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ අද උදෑසන කටයුතු ආරම්භ කරන විට දහවල් 9.00 පසුවී ඇත.
අනතුරුව මේ සම්බන්ධව විශේෂ විමර්ශනයක් අමාත්‍යංශ මට්ටමින් සිදුව ඇති අතර එහිදී පැහැදිළි සැකසංකා මතුව ඇත්තේ අද දින පැවැත්වීමට නියමිතව තිබූ ලිට්රෝ ගෑස් සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීම කඩාකප්පල් කිරීම සඳහා මේ සාවද්‍ය බෝම්බ භීතිය පතුරවා ඇති බවය. ලිට්රෝ ගෑස් සමාගමේ මුලස්ථානය ඇත්තේද රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ වන අතර ඊට එම සමාගමේ කොටස් හිමිකාරීත්වයක්ද ඇත.
ලිට්රෝ ගෑස් සමාගමේ වාර්ෂික මහ සභාව කඩාකප්පල් වෙයි !
අදට නියමිතව තිබූ ලිට්රෝ ගෑස් සමාගමේ වාර්ෂික මහ සභා රැස්වීමේදී අතිශය වැදගත් කටයුත්තක් සිදුකිරීමට නියමිතව තිබී ඇත. ඒ එම සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්කර අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්කිරීමය.
මෙම සමාගම මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ විෂය පථය යටතේ ගැසට් කර දැනට මාස දෙකකට වැඩි කාලයක් ගතවී ඇත. එහිදී ලිට්රෝ ගෑස් සමාගමේ දැන් සිටින අධ්‍යක්ෂ මණ්ඩලයට ඉල්ලා අස්වන ලෙස අමාත්‍යවරයා දැනුම්දී තිබුණත් ඒ කිසිවෙක් ඉල්ලා අස් නොවී දිගටම සිය තනතුරු වල රැඳී සිට ඇත. මෙම පිරිසට අමාත්‍යවරයා ඉල්ලා අස්වීමට දන්වා ඇත්තේ සමාගමේ දූෂිත ගනුදෙනු සිදුවන බවට ලැබී තිබුණු පැමිණිලි කිහිපයක් ගැන අධ්‍යයනය කිරීමෙන් පසුවය.
කොටස් හිමියන්ට බෝම්බ බයක් !
කෙසේ වුවත් අද පැතිරුණු බොරු බෝම්බ භීතිය හේතුවෙන් නව අධ්‍යක්ෂ මණ්ඩලය පත්කිරීමේ අවස්ථාව අහිමිවගොස් තිබේ. ඒ මෙම සමාගමේ කොටස් හිමි පාර්ෂව අතරුන් දෙදෙනෙකු බෝම්බ තර්ජනය හේතුවෙන් වාර්ෂික මහ සභාවට පැමිණීමට නොහැකි බව දන්වා නොපැමිණ ඇති නිසාය. ඒ අනුව අද කොටස් හිමි පාර්ශවයන් ගෙන් පැමිණ ඇත්තේ පාර්ශව දෙකක් පමණය.
අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඇමතිට මඩක් !
කෙසේ වුවත් ලිට්රෝ ගෑස් සමාගමේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත්වන ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර දැනුම්දීමත් සමඟ අමාත්‍යවරයාට එරෙහිව අවලාද නගමින් කොළඹ පුරා පෝස්ටර් අලවා ඇත. මේ වන විට අමාත්‍යංශය අනාවරණය කරගෙන ඇත්තේ ලිට්රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරන මුදිත පීරිස් නැමැත්තා මීට සම්බන්ධ බවය.
මුදිත පීරිස්ගේ කැත වැඩක් !
එසේම අමාත්‍යවරයා විසින් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ලිට්රෝ ගෑස් සමාගමට පත්කර ඇති අතර පසුව අන්ත ජාතිවාදී පදනමින් ඊට එරෙහිව සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි කිහිපයක් හරහා සාවද්‍ය පුවත් පළකර ඇත. එම කටයුත්ත මෙහෙයවා ඇත්තේද මුදිත පීරිස් නැමැත්තා බව මේ වන විටත් අනාවරණය වී ඇති බව මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග අවධාරණය කර සිටියි.
අගමැතිටත් මඩ ගහන්න : විමල්ගේ වෙබ් අඩවියට සල්ලි දීලා !
එහිදී මුදල් ගෙවා සාවද්‍ය පුවත් පළකර ඇත්තේ මුදල් අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව පමණක් නොව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නමටද කැළලක් සිදුවන ආකාරයට සාවද්‍ය පුවත් පළකර ඇත. ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වෙබ් අඩවියක් මූලික ලෙස යොදාගෙන තිබෙන බවත් අමාත්‍යංශය තහවුරු කරගෙන තිබේ.
තවද තවත් වෙබ් අඩවි කිහිපයක් සඳහා ද මිල ගණන් නියමකරගෙන ජාතිවාදී පදනමින් ලිට්රෝ ගෑස් සමගම සඳහා අලුතින් නම් කර ඇති අධ්‍යක්ෂ මණ්ඩයට එරෙහිව සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමට යෝජනා කර ඇතත් එම වෙබ් අඩවි කිහිපය එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.
මුදිත ගැන හිරුණිකා කියන කතාව !
අග්‍රාමාත්‍යවරයාට මෙන්ම මුදල් අමාත්‍යවරයාට එරෙහිව අවලාද පතුරවමින් තවදුරටත් ලිට්රෝ ගෑස් සමාගමේ දූෂණය වපුරාගෙන මඩිය තරකර ගන්න සූදානම් වන මේ මුදිත පීරිස් නැමැත්තා පිළිබඳ පසුගිය දිනක පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ද පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදුකළ අතර එය පහත දැක්වෙයි.

