ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකත් ඇතුලේ !

ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකත් ඇතුලේ !

පැය 72 ක කාලයක් පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණය හමුවට ඉදිරිපත් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බව කියන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නැමැත්තා ලබන 7 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ එම සැකකරු අද(02) කෙසෙල් වත්ත පොලිසිය මගින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියට පමුණුවනු ලැබූ අවස්ථාවේය.

මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ මෙම සැකකරු ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කර ඇති බවට විමර්ශනවලදී කරුණු හෙළි වී ඇති බව යි.

මෙම සැකකරු සතුව තිබී ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ ලේඛන සහ වීඩියෝ දර්ශන සොයාගෙන ඇති හෙයින් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය ඇති බවද පොලීසිය අධිකරණයට දන්වා ඇත. එම වීඩියෝ දර්ශන අතර බෝම්බ ප්‍රහාරයෙන් පසුව කොළඹ හෝටල් ඉරිදියේ මිනිසුන් භීතියට පත්ව සිටින ආකාරය විස්තර කරමින් පටිගත කල දර්ශනද ඇතුළත් බවත් අනාවරණය වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න