Image

නිර්ණායක කිහිපයක් ආවරණය වන පරිදි මහනුවර නගරය සන්නාමගතකරණයට සැලසුම්

ඇසළ පෙරහැර මංගල්‍යය, දේශීය උරුමය, උඩරට සංස්කෘතිය සහ සොබා සෞන්දර්යය ආරක්ෂා වන පරිදි මහනුවර නගරය සන්නාමකරණ නගරයක් ( Kandy City Branding) බවට පත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම්කර ඇත.

එම අධිකාරිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය, මධ්‍යම පළාත් සභාව, මහනුවර මහ නගර සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතන සහ ශ්‍රී දළදා මාලිගාව ඇතුළු පුණ්‍ය ආයතන ද ව්‍යාපාරික ස්ථාන හෝටල් සහ සංචාරක ආයතන ආදිය සම්බන්ධ කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව එහි ව්‍යාපෘති කළමණාකරණ අධ්‍යක්ෂ උත්පලා උයන්වත්ත ප්‍රකාශ කළා ය.

ලෝකයේ විවිධ නගර ඒ ඒ නගරයට ආවේණික වූ අයුරින් සන්නාමගත ( Brand) වී ඇති අයුරින් මහනුවර නගරය ද සන්නාමගත කරණය කරන බවත් ඒ සඳහා අදාළ පාර්ශව දැනුවත් කිරීම සහ මහජන අදහස් ලබා ගැනීම කරන බව ද උත්පලා උයන්වත්ත සඳහන් කළාය. මාස හයක කාලයක් තුළ දී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්, එහි දී දේශීය සහ විදේශීය සංචාරක ආකර්ෂණිය නගරයක් බවට මහනුවර පත්වන බව ඇය කීවාය. දැනට ලෝකයේ මෙල්බන්, සෝල්, නිව්යෝර්ක්, බාසිලෝනා ඇතුලු නගර ගණනාවක් බ්‍රෑන්ඩ් වී ඇතැයි පෙන්වා දුන් ව්‍යාපෘති කළමණාකරණ අධ්‍යක්ෂවරිය මහනුවර නගරය ද දැනටමත් බ්‍රෑන්ඩ් වී ඇතැයි ද ඇය පැවසුවා ය. 

ශ්‍රී දළදා මාලිගාව, මහනුවර රැජිණ හෝටලය, වැව රවුම, මහනුවර ආතර්සිටි නැරඹුම් මධ්‍යස්ථානය ඇතුළු ස්ථාන ගණනාවක් නිසා මහනුවර සන්නාමගතකරණය වී ඇති බවත් එම විධිමත් කිරීම මගින් මහනුවර නගරය වඩාත් වේගවත්ව ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වන බව ද අධ්‍යක්ෂවරිය පැවසුවා ය.

කළමණාකරණ අධ්‍යක්ෂ උත්පලා උයන්වත්ත මේ බව  ප්‍රකාශ කළේ අද (11) මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් ගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැති මහනුවර නගරය සන්නාමකරණය කිරීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවේ දී ය.

නදීක දයා බණ්ඩාර - මහනුවර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න