මාකදුරේ මධූෂ් පිටුවහල් : CID අත්අඩංගුවේ !

මාකදුරේ මධූෂ් පිටුවහල් : CID අත්අඩංගුවේ  !

ඩුබායි පැවති උපන්දින සාදයකදි  අත්අඩංගුවට  පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ පසුවූ පාතාල කල්ලි නායකයකු වන මාකදුරේ මධූෂ් මෙරටට පිටුවහල් කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පොලිස් ආරංචි මාර්ග සදහන් කරන්නේ අද (05) අලුයම 5:00 ට  ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබූ බවය.

එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව, වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ඔහුව ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබෙන බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න