රට තුළ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් අන්තර් පළාත් බස් රථවලින් මසකට අයකර ගන්නා මාර්ග බලපත්‍ර ටෙන්ඩර් ගාස්තුවට යම් සහනයක් ලබාදීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මේ අනුව අප්‍රේල් 21 වන දා සිට මේ මස 21 වන දා අතර මාසයක කාලයක් සඳහා අයකරන මාර්ග බලපත්‍ර ගාස්තුවෙන් 50%ක් පමණක් අයකර ගැනීමට තීරණය කර ඇත.
රට තුළ උද්ගත වූ නොසන්සුන්තාවත් සමග බස් හිමියන්ගේ ආදායම 20%ක් දක්වා පහත වැටී ඇති අතර එම තත්ත්වය තුළ බස් සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් මෙම සහනය ලබා දීමට පියවර ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

