පවතින ගෝලීය ත්රස්තවාදය පරාජය කිරීමට ලොව සියළුම රටවල් එක්විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටී. අගමැතිවරයා මේ අදහස් පළ කලේ අද පාර්ලිමේන්තුවේ පැවති ආරක්ෂක තත්වය පිළිබද පාර්ලිමේන්තු විවාදයට එක් වෙමිනි. මෙහිදී වැඩි දරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍යවරයා,
නමුත් අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කල ආකාරයට පවතින අනතුරු සම්පුර්ණයෙන්ම පහව ගොස් නැතිවී නැහැ. අපි අද ගොදුරුවී සිටින්නේ ගෝලීය ත්‍රස්තවාදයකට. මේ සඳහා ලංකාව තුල එයට සම්බන්ධ අය අත්අඩංගුවට ගත්තත් වෙනත් අයුරකින් එයට සම්බන්ධ අය මෙයට අතපෙවීමට ඉඩ තිබෙනවා. මේ හේතුව වෙනුවෙන් විදෙස් රටවල බුද්ධි අංශ සහ තාක්ෂණය ලබා ගැනීම සිදුකළ යුතුයි. ඇතැම් අය අදහස් කරනවා විදෙස් රටවල සහය ගන්න එක විදෙස් හමුදා රට තුලට ගෙන එන්න හදනවා කියලා. ඇතැම් අය මේ හරහා දේශපාලන වාසි ගන්න බලාගෙන ඉන්නවා. බිඳ වැටුණු ජන ජීවිතය යලි ක්‍රම ක්‍රමයෙන් ගොඩනගන්න කටයුතු කරනවා. පසුගිය සතියේදී ඇතැම් කතෝලික පල්ලි වල දේව මෙහෙයන් පවත්වනු ලැබුවා වගේම මුස්ලිම් දේවස්ථාන වල මෙහෙයන් පැවැත්වීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කටයුතු කර තිබුණා. යනුවෙන්ද පැවසීය.
සභානායක අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ පසුගියදා සිය මාධ්‍ය ඒකකයේ නිලධාරීන් කිහිපදෙනෙක් විසින් මහනුවර ප්‍රදේශයේ ස්වාමින් වහන්සේලාට තැපැල් කිරීමට ගිය ලිපියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාලව දක්වන උනන්දුව ඉකුත් අප්‍රේල් මස 04 වෙනිදා ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය අවධානය යොමු කළා නම් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ ජිවිත ගණනාවක් බේරා ගැනීමට හැකිවී තිබු බවයි.
එමෙන්ම වෙබ් අඩවියක ඉංග්‍රීසියෙන් පලවී තිබු පුවතක කොටස් කිහිපයක සිංහල පරිවර්තනය සාදා තැපැල් යැවු බවත් එහි කිසිදු රාජ්‍ය විරෝධී හෝ ජාතිවාදී අදහස් අන්තර්ගත නොවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරන ලදී.

