හිස්බුල්ලා ඥානසාර හිමිට නිදහස ඉල්ලයි  

හිස්බුල්ලා ඥානසාර හිමිට නිදහස ඉල්ලයි   

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදී නිදහස් කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ජාතීන් අතර එකමුතුකම වර්ධනය කර ගැනීම සඳහා උන්වහන්සේ නිදහස් කිරිම මේ මොහොතේ සිදුකළ යුතු බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා මෙහිදී පෙන්වා දී ඇත.

 පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්‍ෂද පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙසක් පොහොයට පෙර නිදහස් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් මීට පෙර ඉල්ලීමක් කර තිබිණ.

 අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඥානසාර හිමි සිරගත කරනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න