මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ දෙමටගොඩ මහවිල ප්‍රදේශයේ ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හැදින්වෙන මොහොමඩ් සහරාන්ට අයත් නිවස බාරගත් බව අපරාධපරීක්ණෂණ දෙපාර්තමේන්තුව අද (07) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා ඇත.
දෙමටගොඩ පොලීසිය මගින් කළ විමර්ශන ගොනු බාරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව සැකකරුවන් 19 දෙනකු ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.
මෙහිදී අධිකරණය නියෝගකර සිටියේ මෙම සිද්ධියට අදාලව මරණකරුවන්ගේ ඩී.එන් ඒ වාර්තා කැඳවා මරණ පරීක්ෂණ සාක්කි කැඳවීමට වහාම පියවර ගන්නා ලෙසය.
මැයි මස 14 වැනි දින මෙම නඩුව යළි කැඳවීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
