කොළඹ සහ ඊට තදාසන්න ප්‍රදේශ වල කප්පම් ගැනීමට පැහැරගත් තරුණයන් 11 දෙනකු අතුරුදන් කිරීම සම්බන්ධව චෝදනා ලබා අත්අඩංගුවේ පසුවෙන නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන් 6 දෙනා තව දුරටත් ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක නියෝගකර ඇත.
ඒ නඩුව අද (07) කැඳවූ අවස්ථාවේය.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ මෙම සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන් වී නැති බවය.
එම කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත් මෙම නියෝගය නිකුත් කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
