ගෝඨාභයගේ පෙත්සම 16 වනදා කැඳවයි !

ගෝඨාභයගේ පෙත්සම 16 වනදා කැඳවයි !

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය ඉදිකිරීම සඳහා රජයේ මුදල් රුපියල් මිලියන 33.9ක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු චෝදනා විභාගයට ගැනීමට විශේෂ ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් තිබෙනවාද නැද්ද යන්න පිළිබඳ නියෝග ප‍්‍රකාශ්‍යට පත් කිරීමට දින නියම කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් ගොනු කර ඇති රිට් පෙත්සම් ලබන 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (06) නියෝග කර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

වීරකැටිය මැදමූලන ඩී.ඒ .රාජපක්ෂ අනුස්මරණ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් මිලියන 33.9ක මුදලක් සාපරාධී ලෙස පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා හතකට ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා මෙම රිට් පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් වන සම්පත් බී. අබේකෝන්, එම්.එස්.කේ.බී විජේරත්න, චම්පා ජානකී රාජරත්න සහ නීතිපති නම් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ විසින් මෙලෙස සාපරාධී පරිහරණය කර තිබූ රුපියල් මිලියන 33.9ක් වූ රජයේ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව අයත් මුදල එම සංස්ථාව වෙත ගෙවූ බවද පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ විසින්ම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න