රටතුළ පවතින ආරක්ෂිත තත්වය සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය අද (07) සහ හෙට (08) දිනයන් හි පැවැත්වීමට නියමිතව ඇත.
ඒ අනුව අද දිනයේ පස්වරු 1.00ට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කි රීමට නියමිතව ඇත.
අද පැවැත්වෙන විවාදය සම්බන්ධව ඊයේ(06) අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම විශේෂ හමුවක් පවත්වා ඇති බවත් වාර්තා වෙයි.
එහිදී නීතිය හා සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයාට ලබාදෙන්නැයි ඉල්ලූ එජාප මන්ත්‍රීවරුන් 89 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් අගමැතිවරයාට බාර දී ඇති බවද වාර්තා වේ.

