ආරක්ෂක අංශ විසින් සිදුකරන සෝදිසි මෙහෙයුම් සඳහා ජනමාධ්‍යවේදීන් සම්බන්ධ කර නොගන්නා ලෙස ජනපති සිරිසේන අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වෙයි.
ජනපති මාධ්‍ය අංශය විසින් විශේෂ නිවේදනයක් මේ සම්බන්ධව නිකුත්කර තිබේ.
එසේම මාධ්‍ය හැසිරීම සම්බන්ධවද ජනාධිපති සිරිසේන සිය නිවේදනයේ අවධානය යොමුකර ඇති අතර කිසිඳු ජන කොටසක් අපහසුතාවයට පත්නොවන අයුරින් විමර්ශන කටයුතු සම්බන්ධ මාධ්‍ය වාර්තා පළකරන ලෙස එහිදී අවධාරණය කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ ඒ සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.


