තමන්ව පොලිස්පති ධූරයෙන් අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කිරීම සිදුකර ඇත්තේ නීති විරෝධී ආකාරයට බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකිරීමට පොලිස්පති පූජිත ජයසුන්දර නීති උපදෙස් ලබාගනිමින් සිටින බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට විටත් ජනාධිපති සිරිසේන පොලිස්පතිවරයා අනිවාර්ය නිවාඩු යවා වැඩබලන පොලිස්පතිවරයා පත්කර ඇති ආකාරය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුම පොලිස්පති පූජිත ජයසුන්දරට පෙන්වාදී ඇත.
එසේම තමන් රාජකාරිය අකුරට සිදුකළ බවත් ඊට පාස්කු ප්‍රහාරය සම්බන්ධව අනතුරු හඟවමින් විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක පොලිස් කොට්ඨාශ 5ක අධ්‍යක්ෂවරුන් දැනුවත් කරමින් නිකුත්කළ නිවේදනයේ ඉතා පැහැදිළිව "පොලිස්පතිගේ දැනුම්දීම අනුව" යනුවෙන් සඳහන් කර ඇති බවත් තමන් රාජකාරිය නිසිලෙස ඉටුකළ බවට එය එක් සාක්ෂියක් වන බවත් පොලිස්පති පූජිත ජයසුන්දරගේ අදහස බවත් වාර්තා වෙයි.
මේ සම්බන්ධව වැඩිදුර කරුණු සියල්ල ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළිකරන්න සූදානමින් සිටින බවත් වාර්තා වෙයි.
එසේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබෙන තුරු පූජිත ජයසුන්දර සිය නිලනිවසින් බැහැර නොවීමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.
තවද මේ වන විටත් පොලිස්පති පූජිත ජයසුන්දර අනිවාර්ය නිවාඩු යැවීමට අමතරව ඔහුට ලබාදී තිබූ යතුරු පැදි ආරක්ෂකයන් ඉවත්කර ඇති අතර සහායක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුද නැවත කැඳවා ඇති බවත් දැනගන්නට ඇත.
ජනාධිපති ව්‍යවස්ථාව කඩලා !
මේ අතර නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනෙකුම අවධාරණය කරන්නේ පූජිත ජයසුන්දර පොලිස්පතිවරයාව අනිවාර්ය නිවාඩු යැවීමට ජනාධිපති සිරිසේනට ව්‍යවස්ථාපිත බලයක් නොමැති බවය. 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථා සභාව විසින් පත්කරන "තනතුරක" වෙනසක් සිදුකරන්නේ නම් ඊට එකී සභාවේ අනුමැතිය හිමිවිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඊට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් උපුටා දැක්වීම් කිහිපයක්ද ඔවුන් පෙන්වාදුන් අතර එය පහත දැක්වේ.

