Language Switcher

V2025

නව සන්ධානයකට යළිත් සාකච්ඡා

නව සන්ධානය ගොඩනැගීම සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සාක්ච්ඡාවක් මේ වන විට ආරම්භව ඇත. මේ සාකච්ඡාව පැවැත්වෙන්නේ සිව්වන වරටය. මීට පෙර තුන් වතාවක් පක්ෂ දෙක එක්ව සාකච්ඡා පවත්වා ඇත.

ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල, රෝහන ලක්ෂ්මන් පියදාස සහ පොදුජන පෙරමුණ වෙනුවෙන් ජී.එල්. පීරිස්, ජගත් වැල්ලවත්ත ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.