සමාජ මාධ්‍ය වීඩියෝව ගැන හමුදා පරීක්ෂණයක් ඇරඹේ !

සමාජ මාධ්‍ය වීඩියෝව ගැන හමුදා පරීක්ෂණයක් ඇරඹේ !

නාත්තන්ඩිය තුම්මෝදර ප‍්‍රදේශයේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවන් සිදුවන අවස්ථාවේ ආරක්ෂක අංශ අඳින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් පුද්ගලයකු එහි රැඳී සිටින වීඩියෝ දර්ශන කිහිපයක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප‍්‍රචාරයවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

දැනට සිදුකරන පරීක්ෂණවලදී මෙම පුද්ගලයා ආරක්ෂක අංශ සාමාජිකයකු බවට තහවුරු වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය කි‍්‍රයා මාර්ග ගන්නා බව හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් සුමිත් අතපත්තු පවසයි.

එම වීඩියෝවේ සිටින ආරක්ෂක අංශ සාමාජිකයා යැයි සැකකරන පුද්ගලයා හඳුනා ගැනීම සඳහා යුද හමුදාව මහජන සහය පතන අතර මෙම පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංශයේ අංක - 0112-514280 වෙත දැනුම් දෙන ලෙසට යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න