ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනය

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනය

යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නිශ්චිතව දක්වනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් යම් ක්‍රියාකාරකමක නිරත නොවිය යුතු අතර මේ නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියාකරන ඒ යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලබූ විට වසර දහයකට නොඅඩු සහ වසර විස්සකට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබීමට යටත් විය යුතුය යනුවෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අතර කිසිම තැනැත්තෙකු විසින් ප්‍රසිද්ධ ස්ථානයක දී ඒ තැනැත්තාගේ හඳුනා ගැනීමට කිසියම් ආකාරයකින් බාධාවක් විය හැකි පරිදි ඒ තැනැත්තාගේ සම්පූර්ණ මුහුණ සඟවාලනු ලබන යම් ඇඟලුමක්, ඇදුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතුය යනුවෙන්ද විස්තරාත්මක අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

සම්පූර්ණ මුහුණ, යන යෙදුමේ අර්ථ නිරූපනය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන අර්ථ නිරූපනය ආදේශ කිරීමෙන්,සම්පූර්ණ මුහුණ, යන්නෙන් නළලේ මුදුනේ සිට නිකටේ අග දක්වා ද දෙකන් අතරද :එහෙත් දෙකන් නො ඇතුළත්ව* යම් තැනැත්තෙකුගේ මුහුණ අදහස් වේ යනුවෙන් දක්වා තිබේ.

unnamed 2

unnamed 3

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න