ජනාධිපතිවරණයට එන්නේ නැත්නම් ඇමරිකානු පුරවැසිභාවය අයින්කර ගන්නේ නෑ - ගෝඨා

ජනාධිපතිවරණයට එන්නේ නැත්නම් ඇමරිකානු පුරවැසිභාවය අයින්කර ගන්නේ නෑ - ගෝඨා

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ යළිත් අවධාරණය කර ඇත.

ඒ අල් ජසීරා පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින්ය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, අප්‍රේල් 21 වන දා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු තමන් සියල්ලට වඩා ජාතික ආරක්ෂාව වැදගත් බැවින් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට අදිටන් කර ගත් බව ය.

තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කලක සිට සැලසුම් කළ එකක් බවත්, අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගත්තේ ද ඒ අනුව බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

එසේම ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඇමරිකානු පුරවැසි භාවය ඉවත්කර ගැනීමට කිසිම හේතුවක් නැති බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය පවසා තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න