සැකකරුවන් නිදහස් කරන්න බලපෑම් කළේ නෑ : සාක්ෂි තියනවා - ඇමති රිෂාඩ් !

සැකකරුවන් නිදහස් කරන්න බලපෑම් කළේ නෑ : සාක්ෂි තියනවා - ඇමති රිෂාඩ් !

යුද හමුදාපති මහේෂ් සේනානායකට තමන් දුරකථන ඇමතුමක් ලබා දුන්නේ හමුදා භාරයේ පුද්ගලයෙකු සිටිනවා දැයි දැන ගැනීමට මිස ඔහු නිදහස් කර ගැනීමට බලපෑම් කිරීමට නොවන බව ඇමැති රිෂාඩ් බදුර්දීන් සඳහන් කරයි.

පාස්කු ඉරිදා දිනය ඉන්නේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් පසු අත්අඩංගුවට ගන්නා සැකකරුවකු සම්බන්ධයෙන් විමසීම සම්බන්ධව මාධ්‍ය වෙත ගැටලු සහගත ප්‍රකාශයක් යුද හමුදාපති විසින් සිදුකළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.

තමන් සැකකරු හමුදා භාරයේ සිටිනවාදැයි හමුදාපතිවරයාගෙන් විමසූ බවත් නමුත් නිදහස් කරන්නැයි කිසිවිටක බලපෑම් නොකළ බවත් ඇමැතිවරයා කීය.

ඒ සියලු තොරතුරු තමන් සතුව ඇති බවද හමුදාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න