Language Switcher

V2025

මේ මැතිවරණ ක්‍රමයෙන් ප්‍රතිපත්ති දේශපාලනයට ඉඩක් නැහැ - සංජීව බණ්ඩාර

මේ මැතිවරණ ක‍්‍රමය විසින් ප‍්‍රතිපත්තිමය දේශපාලනය කරන අයකුට ඉදිරියට පැමිණීෙ මේ ඉඩකඩත් උදුරාගෙන ඇතැයි විප්ලවවාදී ශිෂය සංගමයේ සංජීව බණ්ඩාර පවසයි.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ‘නොරැවටෙමු-නැගී සිටිමු‘ යන තේමාවෙන් පෙරේදා (15) ගාල්ල කරන්දෙනියේදී පැවති පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ජනහමුවක් අමතමිනි.

සංජිව බණ්ඩාර මහතා පැවසුවේ ”අපි පක්ෂයක් ලෙස මේ මැතිවරණයේදි තරඟ කරන්න ඉදිරිපත් නොවුණත් අපට බරපතළ වගකීමක් තිබෙනවා, සමාජයක් ලෙස රටක් ලෙස අපට මුහුණ දෙන්නට නියමිත අදුරු ඉරණම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන්න. ඒ් වගේම ඒ් විනාශය වැළැක්වීම සදහා ජනතාව දැනුවත්කිරීමට ඇති අයිතිය වෙනුවෙන් අපි ඔබ ඉදිරියට ආවෙ."

2015 මේ අය බලයට පත්වෙන්න කලින් ජනාධිපතිවරණය හමුවේ ගෙනාව සටන්පාඨය වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමාජ සාධාරණත්වය වැනි දේවල්. හොරු අල්ලනවා කියපු අය දැන් ලොකුම හොරකමක මේ චූදිතයන් වෙලා. ආණ්ඩුවේ ප‍්‍රධාන පොරොන්දුවක් වුණෙත් දූෂිත මැතිවරණ ක‍්‍රමය ඉවත් කරලා ජනතා පරමාධිපතය තහවුරු කළ හැකි මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීමයි. අලූතින් පළාත්පාලන මැතිවරන ක‍්‍රමය සංශෝධන කර තිබෙන්නෙ ජනතාවට වාසිදායක වන්නට නොවේ, ආණ්ඩුවේ බලය තහවුරු කරගැනීමටයි. ඒ් නිසා තමයි සමහර අය කියන්නෙ මේක හරක් හොරුන්ගේ ක‍්‍රමයට පනත් සම්මත කිරීමක් හැටියටයි. ලොරිය ඉස්සරහින් බුදු සරණයි කියලා ගහගෙන හොර හරක් පන්නාගෙන යනවා.

ඉතින් මේ ආණ්ඩුව විතරක් නෙවෙයි දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කයිවාරු ගහන හැමෙදනාම මේ මැතිවරණයෙන් පස්සට දාගන්න උත්සාහ කළා. ඒ්කාබද්ධ විපක්ෂය අවුරුදු 3ක් මැතිවරණ වෙනුවෙන් කෑ ගැහුවලූ. ඒ්ත් ඒහෙම හඩක් නැගුවද නැද්ද කියලා අපි දන්නවා. ජනතා විමුක්ති පෙරමුණත් රෙද්දක් ඇදගෙන පාරට බහින්න බැරුව හිටියෙ. එයට හේතුව 2015 මෛත්‍රීපාල සිරිසේන බලයට පත් කරන්න අනියමින් සහාය දීලා ඉන්පස්සෙ ආණ්ඩුවෙ ජනතා ද්‍රෝහී අණපනත් සෙරටම පක්ෂව අත උස්සපු නිසයි.