Language Switcher

V2025

නීති ලොක්කන්ට සුපිරි වාහන

නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරු කිහිපයක් සඳහා නව සුපිරි මෝටර් රථ කිහිපයක් ලබා දී ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන ආකාරයට නීතිපති ජයන්ත ජයසූරියට හයිබ්‍රිඩ් බෙන්ස් රථයක් ලබා දී ඇති අතර, නීතිපතිවරයා මෙතෙක් භාවිතා කළ මෝටර් රථය අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරාට ලබා දී ඇත.

මීට අමතරව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩට ෆ්‍රී-ලෑන්ඩර් වර්ගයේ නවතම රථයක් ද ලබා දී ඇති බවද වාර්තා වන අතර එසේම ඉදිරි දින කිහිපයේදී නීතිපති දෙපාර්තමේන්තුවට තවත් පහසුකම් රැසක් ලබාදීමට නියමිත බවද වාර්තා වෙයි.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇති යටිතල පහසුකම් හිඟය සම්බන්ධයෙන් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදීම ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් දැනුවත් කර තිබූ අතර, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බව ද දැනගන්නට ඇත. විශේෂයෙන්ම කනිෂ්ඨ රජයේ නීතිඥයන්ට ආසන පහසුකම් පවා නොමැති බවත්, ඔවුන්ට කොළඹින් පිට පළාත්වල නඩුවලට යාමේදී අතින් වියදම් කරගැනීමට සිදු වී ඇති බවත් එහිදී දැනුම්දී ඇත.