තමන් කළ ඉල්ලීම නිසා පාස්කු ඉරිදා ප්‍රහාරය සදහා බෝම්බ නිෂ්පාදනය කළ බව කියන ක්ලෝසස් සමාගමට තඹ ලබාදී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර පවසයි.
වැල්ලම්පිටිය තඹ කම්හලට තඹ මෙට්‍රික් ටොන් 500ක් ලබා දෙන ලෙස සිදුකළ ඉල්ලීමට තඹ කිලෝවක් හෝ ලබා දී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඊයේ (22) සදහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ජනාධිපති සිරිසේනට විවිධ ඉල්ලීම් කරමින් ලිපි දහස් ගණන් ලැබෙන බවත්, අදාළ ඉල්ලීමක් මේ ආකාරයට ලැබුණ එකක් බවද ඔහු පවසා සිටියේය.
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවන තෙක් අදාළ කම්හල පිළිබඳව ගැටලුවක් නොතිබූ බවත්, මේ නිසා හැකියාවක් තිබෙනවා නම් මෙම ආයතනයට තඹ ලබාදෙන ලෙසට අදාළ රාජ්‍ය ආයතනයෙන් ඉල්ලීම් කළත්, එම ආයතනයේ සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙන බවදමේ නිසා සිදුකළ ඉල්ලීමට තඹ කම්හලට තඹ ලබා දී නොමැති බවද ඔහු පවසා සිටියේය.
ශාන්ත කියන්නේ ඇත්ත නම් රිෂාඩ් හරි !
මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ සත්‍යක් නම් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම පදනම් විරහිත බවය.
එසේම ශාන්ත බණ්ඩාර මන්ත්‍රීවරයා නිකුත්කල ලිපිය අනූව අදාල සමාගම සදහා තඹ නිකුත්කර නොමැති බවට කිසිම සාක්ෂියක් මෙතෙක් නොමැති බවත් ඔහු ජාමේ බේරගන්න මේ ප්‍රකාශ සිදුකරන බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

