රිෂාඩ් වැරදියි නම් හිරේ යවමු : ඒත් දේශපාලන ගේම් එපා - මනූෂ

රිෂාඩ් වැරදියි නම් හිරේ යවමු : ඒත් දේශපාලන ගේම් එපා - මනූෂ
ඇමැති රිෂාඩ් බදියුදීන් වැරැද්දක් කර ඇතිනම් ඔහු ගෙදර යැවීමට පමණක් නොව හිරේ යැවීමටත් සූදානම් බවත් කිසිම අවස්ථාවක ඔහු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
 
ඔහු වැරැද්දක් කර ඇතිනම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට විපක්ෂය අවශ්‍ය නැති බවත් පාර්ලිමේන්තුව දේශපාලන ගේම්වලට යොදා ගත යුතු නැති බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද සදහන් කළේය. 
 
කතෝලික ජනතාව විතරක් නෙමෙයි සමස්ත ශ්‍රී ලාංකිකයින් විදියට අපේ ජනතාව තමයි නැතිවුනේ. මේ මිය ගිය ජීවිත සම්බන්ධයෙන්, තුවාල වූ අය සම්න්ධයෙන් පාර්ලිමේන්තුවේ දෙසීය විසිපහම වගකියන්න ඕන. මේ ඇතිවූ සිදුවිමේදී, දෙසීය ගණනක් ජීවිත නැතිවෙලා, තුවාල වෙලා,ආබාධිත වෙලා ඉන්න අය සම්බන්ධයෙන් ඇති වගකීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද? මේ වගේ සිදුවීමක් වෙන බව දැනගෙන ඉදලා, මේ පිළිබද ආරක්ෂක අංශවලට තොරතුරු ලබා නොදුන්න අය කවුද කියලා මේ පාර්ලිමේන්තුවෙන් හොයලා, මේ ත්‍රස්තවාදය ආරම්භ කිරීමට උදව් කරපු අය කවුරුන්ද කියලා බලලා ඔවුන්ට දඩුවම් ලබාදෙන්න ඕන. ඒක පැත්තකට දාලා ප්‍රශ්ණයෙන් පළා යන්න හදන්නේ.
 
අපි කියන්නේ රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මේ ත්‍රස්තවාදයට සම්බන්ධ නම්, අඩුම තරමේ වාහනයක් දීලා, කාමරයක් දීලා, දුරකතන ඇමතුමක් දීලා තියෙනවා නම් අපිත් රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව කටයුතු කරනවා. ඔහු වැරදි කරලා තියෙනවා නම් දඩුවම් ලබාදීමට විපක්ෂයක් අවශ්‍ය නෑ. අපි වැරදි කරලා තියෙනවා නම් අවශ්‍ය  පියවර අපි ගන්නවා. 
 
මේ සම්බන්ධයෙන් වැරදි කරලා තියෙනවාද කියන එක ගැන තීරණය කරන්න තියෙන තැන පාර්ලිමේන්තුව නෙමෙයි. මේ පිළිබද පොලීසිය, හමුදාව හරහා මේ පිළිබද නිවරදි පරීක්ෂණයක් කරලා වැරදි කරලා තියෙනවා නම් ඔහු ගෙදර යවන්න නෙමෙයි හිරේ යවන්නත් අපි සූදානම්. එතුමා වැරදි කරලා තියෙනවානම් හිරේ යවන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ.
 
පාර්ලිමේන්තුව තමන්ගේ දේශපාලන ගේම් වලට තැනක් කරගන්න එපා. මැරුණ මිනිස්සු තමන්ගේ දේශපාලන ගේම් එකක් කරගන්න එපා. දැන් ඉදිරිපත් වෙලා තිබෙන විශ්වාසභංග යෝජනාව දිනුවත් දිනුම්, පැරදුනත් දිනුම් කියලා උදය ගම්මන්පිල මහත්තයා කියලා තිබුණා. මේ මැරුණු අහිංසක ජීවිත උඩින් ගිහින් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් පාදඩ වැඩ කරන්න එපා කියලා අපි විපක්ෂයට කියනවා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න