පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමේ සූදානමක් ගැන වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට එහි සාමාජිකයින් සංඛ්‍යාව 40 කි. ඉන් 20 ක් ආණ්ඩු පක්‍ෂයත්, ප‍්‍රධාන විපක්‍ෂය නියෝජනය කරමින් 13 දෙනෙකුත්, දෙමළ ජාතික සන්ධානයෙන් පස් දෙනෙකුත්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්තී‍්‍රවරුන් දෙදෙනෙකුත් ඊට අයත්ය.
අදාළ තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම් දිනයේ සිට මාස 3 ක් ඇතුළත හෝ ඊට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කරන දිනයක මෙම වාර්තාව ඉදිරිපත් කළ යුතු බවත් වාර්තා වෙයි.

