බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !

බොදු බල සේනාවෙන් : හදිසි නිවේදනයක් !
වසර 6ක සිර දඬුවමකට ලක්ව සිටි ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අද (23) නිදහස් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
 
කෙසේ වුවත් මේ සම්බන්ධව විශේෂ නිවේදනයක් බොදුබල සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ දිලන්ත විතානගේ විසින් නිකුත්කර ඇත.
 
එය පහත දැක්වෙයි.
 
 "අපි ඉතාම බුද්ධිමත්ව , ඉවසීමෙන් හා උපායමාර්ගිකව වැඩ කල යුතු අවස්ථාවකට අවතීරණය වෙමින් පවතිනවා, ධර්මපාල තුමාගේ උපදේශය වූයේ ව්‍යවස්ථානුකූල උද්ඝෝෂණ තුලින් ජයග්‍රහණ ලබා ගත යුතුය. අප  මේ  තීර්ණාත්මක අවස්ථාවේ බෞද්ධයින් ලෙස කටයුතු කල යුතුය. ගාන්ධිතුමා මෙන් අව්හිංසාවාදිව කටයුතු කල යුතුය.
 
සමහර පිරිස් අපගේ බෞද්ධ  වැඩපිළිවෙළට අකුල් හෙලීමට රස්තියාදු කාර ක්‍රියාකාරකම්  කල අතීතය අප මේ අවස්ථාවේ සිහිපත් කල යුතුය. මේ වන විට රට තුල යම් ත්‍රස්තවාදයක සෙවනැලි තිබෙන බව ඉතා කල්පනාවෙන් සිහියට නැගිය යුතුය..
 
මේ හදිසි නීතිය තිබෙන අවස්ථාවේ ඇතිවිය හැකි තත්වයන් පිළිබඳ  සියලු දෙනා රටවැසියන්  ලෙස කල්පනා කර  ක්‍රියා කල යුතුව ඇත.
 
අපේ හාමුදුරුවන්ගේ ප්‍රමුඛතාවයන් වන්නේ,
 
ජාතික ආරක්ෂාව 
සාමය
සංහිඳියාව  හා  සංවර්ධනයයි
 
හාමුදුරුවෝ  නිදහස් වීමට  ජනාධිපතිවරයා අත්සන්  තැබුවද තවදුරටත්  ලේඛන රාශියක් සකස් කල යුතු බැවින් නිදහස් වීමට යම් ප්‍රමාදයක් සිදුවීම විය හැක. රටේ ආරක්ෂාව හා සාමය ප්‍රමුඛ වන බැවින් නිදහස් වන අපේ හාමුදුරුවෝ  වෙනුවෙන් ඔබ කල යුත්තේ කොළඹ ට පැමිණීම නොව ඔබේ ගමේ විහාරස්ථානයේ ආගමික කටයුතු කොට , සෑම නිවසකම අද සිට බෞද්ධ  කොඩියක් ඔස්වා, වාහන වල බෞද්ධ  කොඩ් ඔසවා ඔබගේ  සහයෝගය හා කැපවිම උන්වහන්සේට වෙත දැක්වීමය.
 
ඔබ මේ අවස්ථාවේ කල යුත්තේ  අප බෙහෙවින් ගරු කරන හා ආදරය කරනු ලබන අපේ හාමුදුරුවන්ගේ  මතවාදය වෙනුවෙන් පෙනී සිට උන්වහන්සේගේ මතවාදය ජයග්‍රහණය කිරීම පමණි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න