පාස්කු ප්‍රහාරයට සිරිසේන හැර අනෙක් සියළුදෙනා වැරදිකරුවන් වන ලකුණු !

පාස්කු ප්‍රහාරයට සිරිසේන හැර අනෙක් සියළුදෙනා වැරදිකරුවන් වන ලකුණු !

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්, ජාතික බුද්ධි ප්‍රධානී, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යන අයට එරෙහිව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා ඇති බව වාර්තා වෙයි.

එසේම එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධව කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී රාජකාරි  පැහැරහැරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට එරෙහිව ජාතික පොලිස් කොමිසම හරහා විනය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා ලෙස එම ලිපිවල සඳහන්ව ඇතැයිද  දැනගන්නට ඇත.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ මණ්ඩලය විසින් නීතිපතිවරයා වෙත යොමුකල අතුරු වාර්තා දෙක අධ්‍යනය කිරීමෙන් පසු නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත. 

අදාල වාර්තා දෙක ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත යොමුකර තිබිණි.

ත්‍රිපුද්ගල කමිටු වාර්තාව කෝ ?

පාස්කු ප්‍රහාරය එල්ලවී අප්‍රේල් 23 වනදා වන  විට ජනාධිපති සිරිසේන විසින් ත්‍රිපුද්ගල කමිටුව පත්කල අතර එහිදී සදහන් කර සිටියේ සති දෙකක් තුළ මේ සම්බන්ධව වාර්තාව නිකුත්කරන ලෙසය. එසේම ඒ වාර්තාව ජනතාව වෙත ප්‍රසිද්ධ කරන බවත් කියවුණි. නමුත් ඒ කිසිවක් මේ වන තුරු සිදුව නැත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න