Language Switcher

V2025

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ දේපළ අත්කරගැනීමේ සුදානමක්

ශ්‍රී ලංකා  මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවෙන් නීති විරෝධී ලෙස උපයන ලද  Perpetual Treasuries Limited (PTL) සමාගමේ සහ එයට සම්බන්ධ වෙනත් සමාගම් සහ පුද්ගලයන්ගේ දේපල වහාම අත්කර ගැනීම  සඳහා නීතිපතිවරයාගේ  අවධානය යොමු ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

බැදුම්කර කොමිසම විසින් සිදුව ඇති පාඩු පියවා  ගැනීම සඳහා සිවිල් නඩු පවරන ලෙස නිර්දේශ කර තිබුණද, සිවිල් නඩු කටයුතු සම්පූර්ණ කිරීමට කාලය ගතවන බැවින් නීති නීති දෙපාර්තමේන්තුව මේ සඳහා අවධානය යොමුකර ඇතැයි පැවසේ. 

 කොමිසම විසින් නීතිපතිවරයාට නිර්දේශ කර ඇත්තේ, අර්ථසාධක අරමුදලට සහ රජයට අයවිය යුතු  මුදල් නැවත අයකරගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය නොවන පරිදි පාර්ලිමේන්තු පනත සම්මත කළ යුතු බවයි.