ධම්මිකගේ තීරණය වෙනස් වෙයි !

ධම්මිකගේ තීරණය වෙනස් වෙයි !

කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා 2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධව තීරණය හකුළාගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඔහු එක්සත් ජාතික පෙරමුණ වෙතින් ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලැබීමේ සූදානම පිළිබඳ ආරංචි පැතිරයාම සමග එජාපෙ වෙතින් එල්ලවු දැඩි විරෝධය සමග මෙසේ සිය තීරණය වෙනස් කරගෙන ඇති බවත් වාර්තා වෙයි.

මේ අතර ධම්මික පෙරේරා පසුගියදා ITN රූපවාහිනිය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කර සිටියේ තමන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය (මහ භාණ්ඩාගාර ලේකම් ) අපේක්ෂා කරන බවය.

සතියකට වැඩ කරන පැය ගණන වසර 5ක ආණ්ඩුවක් බලය දරණ කාලයට ගැලපූ ඔහු එහිදී පවසා සිටියේ වැඩකිරීමට ඇත්තේ පැය 10400ක් බවත් මේ වන විට රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට නම් තීන්දු 10000ක් පමණ ගතයුතුව ඇති බවය.

ඒ අනූව නිලධාරීයකු වීම හරහා මේ පැය දහදහස් ගණන ඵලදායි ලෙස වැඩ කිරීමට හැකියාව තිබෙන බවත් දේශපාලනය කරන විට තවත් වැඩ කරන්න සිදුවන බැවින් වැඩ කිරිමට කාලයක් ඉතිරි නොවන බවත් ඔහු පැවසීය.

hesha ranjith 900pxජනාධිපතිවරණ අපේක්ෂකයා එජාප සාමාජිකයෙක් !

මේ අතර අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසා සිටියේ 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා එක්සත් ජාතික පෙරමුණ තුළින් ගෙනායුතු බවය.

නැවත පක්ෂයේ නොවන අයෙකුට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට පක්ෂය එකගතාවයක් නොදක්වන බවත් ඔහු පවසා ඇත.

මීට සමාන අදහසක් එක්සත් ජාතික පෙරමුණේ නවක ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු වන හේෂා විතානගේ ද සදහන් කර ඇත.

ඔහුද පවසා සිටියේ පක්ෂයේ සාමාජිකයකු 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා වියයුතු බවය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න