පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රැස්වෙයි : ඓතිහාසික අවස්ථාවක් !

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව රැස්වෙයි : ඓතිහාසික අවස්ථාවක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත්කල පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ කටයුතු අද (29) පෙරවරු 9.35 ට පමණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පසුගිය 22වනදා මෙම පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පත්කල අතර එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ගේ ප්‍රධානත්වයෙන් අද එය රැස්ව ඇත.

ඊට තේරීම් කාරක සභාවේ සාමාජිකයන් වන අමාත්‍ය රවී කරුණානායක , අමාත්‍ය රවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා , ජයම්පති වික්‍රමරත්න , ආශු මාරසිංහ , නලින්ද ජයතිස්ස සහභාගීව සිටින බවත් වාර්තා වෙයි.

අමාත්‍ය රාජිත සේනාරත්න මේ තේරීම් කාරක සභාවේ සාමාජිකයකු වුවත් අමාත්‍යවරයා විදෙස්ගතව ඇති බැවින් ඊට සහභාගීව නැති බවත් දැනගන්නට ඇත.

ඓතිහාසික අවස්ථාවක් !

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තු ආරංචි මාර්ග මේ විශේෂ තේරීම් කාරක සභාව හදුන්වයි.

ඒ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක කටයුතු ආවරණය කිරීමට මාධ්‍ය වෙත ඉඩලබාදී ඇති ප්‍රථම අවස්ථාව මේ වන නිසාය.

කෙසේ වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ විශේෂ තේරීම් කාරක සභාවට සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න