සමාජ මාධ්‍ය පාලනයට : නව පනතක් එයි - SLTC

සමාජ මාධ්‍ය පාලනයට : නව පනතක් එයි - SLTC

සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (sltc) සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වළක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔවුහු එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවද පවසති.

සයිබර් ආරක්ෂණ ආයතනයට රටේ පවතින සියලුම තොරතුරු පද්ධතීන් හා දත්ත ගබඩාවල දත්ත විවිධ වූ අවශ්‍යතාවයන් උදෙසා ලබාගැනීමට බලතල ඇති බවත් ඒ අනුව සයිබර් ආරක්ෂණය මුවාවෙන් තොරතුරු හා පුද්ගලික ගිණුම් වලට පිවිසීමට ඔවුන්ට හැකිවන බවත් ඔවුහු පෙන්වා දෙති.

එම දත්ත රජයට,ආරක්ෂක අංශ වලට හෝ වෙනත් පාර්ශවයකට ලබාදීමට ඔවුන්ට හැකියාවක් තිබෙන බවත් දේශපාලකයන් විසින් පාලනය කරනු ලබන සයිබර් ආරක්ෂණයක් විශ්වාසකළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසයි.

දේශපාලන කටයුතු සඳහා ඉදිරියේදී මෙම දත්ත යොදාගත හැකි බවට සැකයක් ඇති බවත් මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සඳහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබඳවද ගැටලුවක් මතුවන බව එම සංවිධානයේ අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න