ආය ඉල්ලනවාද : සිරිසේන අතීරණයක : ජාත්‍යන්තරයට දන්වයි !

ආය ඉල්ලනවාද : සිරිසේන අතීරණයක : ජාත්‍යන්තරයට දන්වයි !

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නැතැයි ජනාධිපති සිරිසේන අද (31) පවසා ඇති බව වාර්තා වෙයි.

රොයිටර් පුවත් සේවය වාර්තා කළ ආකාරයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ දිව්රුම් දීමේ උත්සවය සඳහා සහභාගි වීමට නවදිල්ලිය බලා ගොස් සිටින ජනාධිපති සිරිසේන නවදිල්ලියේ දී මේ බව ප‍්‍රකාශ කර ඇත.

”නැවත වරක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙනවාද යන්න තීරණයක් ගන්න මට කිසිම හදිසියක් නෑ” යයි ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයා නවදිල්ලියේ දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූ බව එහි සදහන්ය.

නරේන්ද්‍ර මෝදි මහතාගේ දිව්රුම් දීමේ උත්සවයට පසුව මෙම පුවත් පත් සාකච්ඡාව පැවැත්විණ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න