ජනාධිපතිවරණය දෙසැම්බර් 07 : සිරිසේන ඉන්දියාවේදී කියයි

ජනාධිපතිවරණය දෙසැම්බර් 07 : සිරිසේන ඉන්දියාවේදී කියයි

මීලග ජනාධිපතිවරණ මැතිවරණය එළඹෙන දෙසැම්බර් මස 07 වැනිදා පවත්වන්න බව මැතිවරණ කොමිසම දන්වා ඇති බව ජනාධිපති සිරිසේන සඳහන් කරයි.

නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම්දීමට සහභාගීව මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතවෙමින් සිටින ජනාධිපති සිරිසේන එරට මාධ්‍ය වෙත මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් එම මැතිවරණය සඳහා තමන් තරග වදින්නේ ද නැද්ද යන්න මේ වන තෙක් තීරණය කර නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

තවමත් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තීරණය කරනු නැති බවත් ඒ නිසා තමන්ද තීරණයක් ගැනීමට හදිසි නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න