ඇමරිකානු පුරවැසිභාවය දරන්නෙකු එම පුරවැසිභාවය අත්හරිනු ලබන ක්‍රියාවලිය පිළිබඳ පැහැදිලි කිරීමක් ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ එක්සත් ජනපද තානාපතිනී ඇලයිනි ටෙප්ලිට්ස් විසින් සිදුකර තිබේ. ඇය විසින් ඩේලි මිරර් පුවත් පත සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකින් උපුටාගත් කොටස්වල සිංහල පරිවර්තනය, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාල නිල වෙබ් අඩවියෙහි පළකර ඇත.
පහත දැක්වෙන්නේ එම සම්මුඛ සාකච්ඡාවේ දී තානාපතිනිය විසින් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීම සම්බන්ධ ක්‍රියාවලිය සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්න සඳහා ප්‍රතිචාර දක්වා ඇති ආකාරයයි.
ඇමරිකානු පුරවැසිභාවය අතහැර දැමීමේ ක්‍රියාවලිය මෑතදී ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස සාකච්ඡාවට භාජනය විය. ඇමරිකානු නීතිය යටතේ පුරවැසිභාවය අත්හැරීමේ දිවුරුම දුන් එක්සත් ජනපද පුරවැසියෙකු තවදුරටත් එක්සත් ජනපද පුරවැසියෙකු නොවන බව එක්සත් ජනපද රජය සලකන්නේ කුමන අවස්ථාවේදීද? ඒ දිවුරුම දුන් විගසම ද? එසේත් නැත්නම් එක්සත් ජනපද පුරවැසියෙකු ඔබේ රජය විසින් පුරවැසිභාවයෙන් නිදහස් කරනු ලැබූමට පෙර අනුගමනය කළ යුතු වෙනත් ක්‍රියාමාර්ගයක් තිබේද?
මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු පරිපාලන ක්‍රියාවලියක් තිබේ. එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු, එම පුද්ගලයා තවදුරටත් එක්සත් ජනපද පුරවැසියෙකු නොවේ. පුද්ගලයා හොඳ සිහිකල්පනාවෙන් පසු වන බවත්එම තීරණය ගැනීමට ඔහුට අවශ්‍ය බවත් සහතික කර ගැනීමට දීර්ඝ ක්‍රියාවලියක් තිබේ.
ඔවුන් ලියකියවිලි සකස් කර තානාපති කාර්යාලයේ කොන්සියුලර් කාර්යාලයට ඉදිරිපත් කරන අතර, එහි පියවර ගණනාවක් තිබේ. ඉන්පසු එම පුද්ගලයන් තානාපති කාර්යාලයට පැමිණ නීතිමය ලියවිලිවලට අත්සන් කළ යුතුය.
ඔවුන් කොන්සියුලර් නිලධාරියා ඉදිරියේ ශබ්ද නඟා අත්හැරීමේ දිවුරුම කියවිය යුතුය. තානාපති කාර්යාලය එම පැකට්ටුව අවසන් සමාලොචනය සඳහා වොෂින්ටන් නුවරට යවයි. අත්හැරීම සම්පූර්ණ බව ඔවුන් තහවුරු කළ යුතුවේ. එස් තහවුරු කර ඇත්නම් එම පුද්ගලයා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක දිනය වන්නේ එක්සත් ජනපද පුරවැසිභාවය අත්හැරීමට දිවුරුම් දුන් දිනයයි..
(එක්සත් ජනපද) පුරවැසිභාවය අත්හැරීම පරිපාලන ක්‍රියාවලියකි. එය සෘජු ක්‍රියාවලියකි. ඔබ බදු ගෙවා ඇත්නම් හා අපරාධ නඩු නොමැති නම්, එය සාමාන්‍ය ආකාරයට සිදුවේ.

