තව්හිද් ජමාත් පල්ලි කැඩීම ගැන : හිස්බුල්ලා මුස්ලීම් ප්‍රජාවට අනතුරු හඟවයි !

තව්හිද් ජමාත් පල්ලි කැඩීම ගැන : හිස්බුල්ලා මුස්ලීම් ප්‍රජාවට අනතුරු හඟවයි !

මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිඳ දැමීම තව්හීත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලම් යනුවෙන් මුස්ලීම් ජනතාව අතර ගැටුම් ඇතිවීම ඉතා භයානක ක්‍රියාවක් බව නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා නිවේදනයක් නිකුත් කරමින් කියයි

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ තව්හීත් ජමාත් පල්ලිය මුස්ලිම්වරු කඩා දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරමින් මෙම නිවේදනය නිකුත් කර තිබේ

මුස්ලිම්වරු තමන් අතර ගැටී තමන්ම විනාශ විය යුතු බව මෙවැනි සිදුවිම් ඇතිකර ඇති ත්‍රස්තවාදීන්ගේ අරමුණ බව කියන ආණ්ඩුකාරවරයා ඒවාට ඉඩ නොතැබිය යුතු බවත් තව්හීත්, තබ්ලික්, වහාබ්සම් ජමාත් ඉස්ලාම් යනුවෙන් ගැටීමෙන් ප්‍රශ්නයට පිළිතුරු සොයාගත නොහැකි බව කියයි.

මේ ප්‍රශ්නය ගැඹුරින් විග්‍රහ කර සමස්ත ලංකා ජම් ඉතුල් උලමා සභාව මුස්ලිම් නායකයන් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීන්දු ගත යුතු බව කියන ආණ්ඩුකාරවරයා ගම්වල තමුන්ගේ පෞද්ගලික කැමැත්තට පල්ලි කඩා බිද දැමිම නොකළ යුතු බවත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න