ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවේ : "ප්‍රොජෙක්ට් කිල්" උපාය වරදින ලකුණු !

ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්නොවේ : "ප්‍රොජෙක්ට් කිල්" උපාය වරදින ලකුණු !

බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම්. හිස්බුල්ලා ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති සිරිසේන විසින් දන්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ප‍්‍රකාශකයෙකු නිල වශයෙන් කියා සිටි බවට මාධ්‍ය වාර්තා පළවෙයි.

ඒ අනුව අද දහවල් කාලය ඇතුළත මෙම දෙදෙනා ධුරයන්ගෙන් ඉල්ලා අස්වනු ඇති බවට ජනාධිපති සිරිසේනගේ පාර්ශවය විශ්වාස කරන බවත් සදහන් කර තිබේ.

එසේම ඊයේ (02) පස්වරුවේ ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය නැගෙනහිර ආණ්ඩුකාරවරයා විසින් බාර දුන් බවට පළවූ වාර්තා එම ප‍්‍රකාශකයා ප්‍රතික්ෂේප කර තිබෙන බවත් වාර්තා වෙයි.

කෙසේවෙතත් අද (03) දිනයේ දෙදෙනාම ඉල්ලා අස් වනු ඇති බවත් පැවසූ ඔහු ඔවුන් ඉල්ලා අස්වීමට කටයුතු නොකළහොත් ජනාධිපතිවරයා විසින් ධුරවලින් ඉවත් කිරීමට තීරණය කර ඇති බවද එම නිලධාරියා සදහන් කර ඇත.

නැගෙනහිර ආණ්ඩුකාරවරයා ධුරයෙන් ඉල්ලා අස්විමට කැමැත්ත පළකර ඇතත් බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ තමන් ඉල්ලා අස්නොවන බවත් ධුරයෙන් ඉවත් කරන ලෙසත්ය.

ඇමති රිෂාඩ් බදියුදීන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දෙන්නැයි ජනාධිපතිවරයා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහට ඊයේ පස්වරුවේම දැන්වූ බවද ඔහු පවසා තිබේ.

කෙසේ වුවත් මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා පළමු පුවත, එනම් හිස්බුල්ලා ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම වාර්තා කර සිටියේ ජනාධිපති කාර්‍යාල ආරංචි මාර්ග උපුටා දක්වමින් වන අතර ඊට සමාන පුවතක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නඩත්තු කරන වෙබ් අඩවි හරහා ද ප්‍රචාරය කෙරිණ.

ජනාධිපති ගහන්න ගිය ගේම මෙන්න !

නමුත් මේ නව පුවත අනූව පෙනී යන්නේ ජනාධිපති සිරිසේන පාර්ශවය හිතූ තරම් පහසුවෙන් මේ කටයුත්ත සිදුනොවන බවය. ඉතා පැහැදිලිව ජනාධිපති සිරිසේන පාර්ශවය උත්සාහ කළේ "ප්‍රොජෙක්ට් කිල්" ආකාරයට හිස්බුල්ලා සහ අසාද් සාලි යන ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමට සලස්වා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයද ගලවා තමන් යටතට ගෙන සිංහල සමාජයේ ලකුණු ගන්නටය.

අනෙක් පසින් තමන්ගේ ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීම පෙන්වා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම නොපෙන්වා ඒ හරහා එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව ප්‍රමුඛ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බරපතල අපහසුතාවයකට පත් කිරීමය.

අනතුරුව පාස්කු ප්‍රහාරයෙන් තමන් ගැලවී ඊට අදාල ජාතික ආරක්ෂාව සම්බන්ධව නොසලකා හැරීම් යටයවා අන්තවාදය නඩත්තු කිරීමේ චෝදනාව අග්‍රාමාත්‍යවරයා වරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ වෙත යොමුකර වීමය.

තවත් වටයකින් ආණ්ඩුකාරවරුන් තමන් ඉවත්කරා නොව ඉවත් වූ බව පෙන්වා මුස්ලීම් ප්‍රජාවේ ජන්ද පදනම සදහා ද පූර්ව ආරක්ෂණ පියවරක් අනුගමනය කිරීමටය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න