සිරිසේන ජනාධිපති - මහින්ද අගමැති : දයාසිරි ශ්‍රිලනිප මතය කියයි !

සිරිසේන ජනාධිපති - මහින්ද අගමැති : දයාසිරි ශ්‍රිලනිප මතය කියයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනගන්නේ නම් මීළඟ ජනාධිපති අපේක්ෂක ධුරය වත්මන් ජනාධිපති සිරිසේනට ලබාදී යුතු බව එම පක්ෂ මහලේකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

ඉන්පසුව මහමැතිවරණයෙන් පසු අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දිය හැකි බවද ඔහු කියා සිටී.

එසේ නොමැතිව ජනාධිපතිධුරය, අගමැතිධුරය හා ඇමති ධුරද සියල්ල එක් පක්‍ෂයකට ලබා දිය නොහැකි බවත් මහ ලේකම්වරයා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිසංවිධාන ජනහමුවක් අමතමිනි.

එසේම මේ සම්බන්ධව දෙපාර්ශවයම ගිවිසුමකට එක්විය යුතු බවත් මන්ත්‍රීවරයා පවසා ඇත.

තවද ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සහ අග්‍රාමාත්‍ය ධූරය එක පාර්ශවයක් වෙත ලබාදී නිකං හේත්තු වීමට ශ්‍රිලනිප යට අවශ්‍ය නොමැති බවත් මන්ත්‍රීවරයා පවසා තිබේ.

රිෂාඩ්ගේ පැමිණීම වලක්වා කුමන්ත්‍රණ ආණ්ඩුව පරාජය කළේ අපේම උදවිය !

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ රටේ ජනතාව ඉල්ලු ලෙස මහින්ද රාජපක්ෂ අගමැති කර ආණ්ඩු වෙනසක් සදහා ක්‍රියා කළත් ඊට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ගැනීම වලක්වාලමින් කටයුතු කළේ ඒ අවස්ථාවේ තමන් සමගම සිටි පිරිසක් බවය.

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඒ අවස්ථාවේ ආණ්ඩුවට එක්වීමට සිටි බවත් ඒ සූදානම වලක්වාලමින් ක්‍රියා කළ පාර්ශව ඉදිරියේ අවශ්‍ය වුවහොත් හෙලිදරව් කරන බවත් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න