රනිල් - මහින්ද සාකච්ඡා සාර්ථකයි !

රනිල් - මහින්ද සාකච්ඡා සාර්ථකයි !

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථිකය සහ ජනතාවට සහන ලබාදීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ රජය සමඟ විපකෂනායක මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ කණ්ඩයම සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථක වූ බව දෙපාර්ශවය විසින්ම ප‍්‍රකාශ කෙරිණි.

වාර්තා වන ආකාරයට එහිදී අවධානය යොමුකර ඇත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ආර්ථික අභියෝගය සම්බන්ධව ය.

කොළඹ අරලියගහ මන්දිරයේ දී අද (03) පැයකට අධික කාලයක් පැවති සාකච්ඡා ඉතාමත්ම සාර්ථකව අවසන් වූ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මෙන්ම මුදල් අමාත්‍ය මංගල සමරවීර ත් මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර ඇත.

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ කළ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ විසින් කැඳවා ඇත.

මෙම අවස්ථාව සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර, පොදු සැපයීම් හා ආර්ථික ප‍්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දිනේෂ් ගුණවර්ධන, සුසිල් පේ‍්‍රමජයන්ත, බන්ධුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, ගාමිණී ලොකුගේ, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිසක් සහභාගී ව තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න