තේරීම් කාරක සභාවේ කටයුතු සජීවී විකාශයට විකල්ප සොයයි !

තේරීම් කාරක සභාවේ කටයුතු සජීවී විකාශයට විකල්ප සොයයි !

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ සාක්ෂි විමසීම සජීවී ලෙස විකාශය කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී කටයුතු නොකළහොත් ඒ සදහා විකල්ප මාධ්‍යයක් යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

තේරීම් කාරක සභාවේ ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට ඩයලොග් ටීවී හෝ විකල්ප මාධ්‍ය ඒ සදහා යොදාගනිමින් විකාශන කටයුතු සිදුකරන සූදානමක් පවතී.

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට අසමත්වු පාර්ශව ඒ සත්‍ය ජනතාව වෙත අනාවරණය වීම වලක්වාලීමේ පහත් උත්සාහයක නිරත වන බවත් ඒ නිසාම තේරීම් කාරක සභාව වෙත අභූත චෝදනා නගන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශන කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේ පසුගිය වාරයේ සාක්ෂි විමසීමට අදාල ශ්‍රී ලංකා ටෙලිකොම් පියෝ ටීවී සජීවී විකාශය ජනාධිපති සිරිසේන විසින් වාරණය කළ අතර පාර්ලිමේන්තුව එය අඛණ්ඩව විකාශය කරන ලෙස දැන්නූවත් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විකාශන කටයුත්ත සිදුකළේ නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න