දැන් පෙන්වනවා : එස්.බීගේ වෛරය 2

දැන් පෙන්වනවා : එස්.බීගේ වෛරය 2

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලීම් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැති බවත් චෝදනා ඇති අමාත්‍යවරුන් අත්අඩංගුවට ගතයුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සදහන් කර ඇති අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මේ වන විට අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බැවින් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අත්‍යවශ්‍ය නොවන බවත් පවසා ඇත.

එසේම අදාල විශ්වාසභංග යෝජනාව සම්බන්ධ තීන්දුව තම පාර්ශවයේ පක්ෂ නායකත්වය සමග සාකච්ඡා කර ගැනීමට අපේක්ෂා කරන බවත් මන්ත්‍රීවරයා පවසයි.

එස්.බී ගේ වෛරය පැහැදිලියි !

එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහය තුළ සිටින මුස්ලීම් නායකත්වය සමග ඇති මේ වෛරය කුමක්ද යන්න පැහැදිලිය.

ඒ පසුගිය ඔක්තෝබර් 26 වනදා දියත්වූ ව්‍යවස්ථා විරෝධී දේශපාලන කුමන්ත්‍රණයට සහය දැක්වීම වෙනුවට මුස්ලීම් ප්‍රජාව නියෝජනය කල නායකයන් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග සමග එක්ව කටයුතු කිරීමය.

මේ වන විටත් එස්.බී මන්ත්‍රීවරයා කුමන්ත්‍රණ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතරය සකස් කරගැනීම වෙනුවෙන් අල්ලස් හා වරප්‍රසාද ලබාදීමට මුස්ලීම් අමාත්‍යවරුන් වෙත ආරාධනා කිරීම ඇතුලත් පටිගත කළ දුරකථන සංවාදයක් අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

එහිදී එස් බී දිසානායක මන්ත්‍රීවරයා කුමන්ත්‍රණයට සහය ඉල්ලා සිටින්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වෙතින් ය.

ඒ ප්‍රසිද්ධ වීමත් සමග ගලේ පැහැරූ බළලා වැනි තත්ත්වයකට මුහුණ දුන් එස් බී දිසානායක දැන් මේ වෛරී ප්‍රකාශ නිකුත්කරමින් හාත්පස ජාතිවාදී දුර්ගන්ධය පතුරුවමින් සිටින්නේ අන් කිසිවක් සදහා නොව උන්හිටිතැන් අහිමිව යන දේශපාලන යතාර්ථය වෙනස් කරගැනීමටය.

ස්වාධීන අල්ලස් කොමිසම නිදි !

අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන කිරීමක් සිදුවූ නමුත් ඒවා තවමත් නින්දිත දේශපාලනඥයින් හමුවේ නැගී සිටින්නට තරම් කොන්දක් නොමැති වීම හේතුවෙන් එස්. බී දිසානායක මන්ත්‍රීවරයා වැනි ප්‍රසිද්ධියේ ජනතා නියෝජිතයන් අල්ලස් දීමට උත්සාහ කළ උදවියට මේ ආකාරයේ වෛරී ප්‍රකාශ සිදුකිරිමට අවස්ථාව හිමිව ඇති බව දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි .

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න