පාස්කු ප්‍රහාරය ගැන විමසන විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වෙයි !

පාස්කු ප්‍රහාරය ගැන විමසන විශේෂ තේරීම් කාරක සභාව අද රැස්වෙයි !

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව අද (04) පස්වරු 3:00 ට රැස්වීමට නියමිතය.

මාධ්‍ය වාර්තා සදහන් කරන ආකාරයට එහිදී සාක්ෂි විමසීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති (මේ වන විට අනිවාර්ය නිවාඩු යවා තිබේ ) පූජිත ජයසුන්දර කැදවීමට නියමිතය.

එසේම රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානී අබේසේකර , ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඊ. විජයසුන්දර, ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ද සාක්ෂි විමසීම සදහා කැදවීමට නියමිත බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න