පිබිදෙමු පොළොන්නරුවෙන් ඩොලර් බිලියනයක සුදු අලියෙක් !

පිබිදෙමු පොළොන්නරුවෙන් ඩොලර් බිලියනයක සුදු අලියෙක් !

"පිබිදෙමු පොළොන්නරුව” වැඩ සටහන යටතේ කුරුණෑගල සිට හබරණ දක්වා අලුතින් ඉදිකිරීමට නියමිත දුම්රිය මාර්ගය ඩොලර් බිලියනයක් තරම් මහත් ධනස්කන්ධයක් කාබාසිනියා කරන ජාතික අපරාධයක් බවට තොරතුරු අනාවරණය වෙයි.

ජනාධිපති සිරිසේනගේ දේශපාලන ව්‍යාපෘතියක් යටතේ මෙය සිදුකරන අතර ඒ හරහා අපේක්ෂිත ප්‍රතිලාභ ලෙස දැක්වෙන කරුණු අනූව පෙන්නුම් කරන්නේද සංවර්ධනය සම්බන්ධව තිබෙන පසුගාමී ග්‍රාම්‍ය අපේක්ෂාවන්ය.

එනම් ජාතික ප්‍රවාහන පද්ධතිය සංවර්ධනය කිරීම යනු හැකිතාක් දිගු මාර්ග (දුම්රිය ) ඉදිකිරීම ලෙස සිතන, අලි ගහන වනාන්තරයක් මැදින් දුම්රිය මාර්ගයක් ඉදිකල විට සංචාරයක ආකර්ශනය ලැබෙනු ඇති බව වැනි කරුණු ඊට නිදර්ශන ලෙස දැක්විය හැකිය.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත සිය ෆේස් බුක් ගිණුමේ මෙවැනි සටහනක් තබා ඇත.

මතුපිටින් පෙන්වන සුන්දරත්වය මේ ව්‍යාපෘතිය තුළ නෑ - මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත

vimukthi 905‘‘පිබිදෙමු පොළොන්නරුව” වැඩ සටහන යටතේ ඩොලර් බිලියනයක චීන ණය මත කුරුණෑගල සිට හබරණ දක්වා අලුතින් දුම්රිය මාර්ගයක් ඉදිකරණ බව නොරහසක් නොවේ. හබරණ දී මෙම දුම්රිය මාර්ගය කුරුණෑගලින් මඩකලපුව බලා ගමන් ගන්නා දුම්රිය මාර්ගයට එක් වීමට නියමිතය.

88KM දිගින් යුත් වන අලින් ගහන වනාන්තර මැදින් සැලසුම් කර තිබෙන මෙම නව දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් සංචාරකයන්ට සෘජුව දඹුල්ල සහ සීගිරිය දක්වා ගමන් කිරීමේ අවස්ථාව හිමිවන බවත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ (එළවළු?) ප්‍රවාහනය කිරීමේ හැකියාව ලැබෙන බවත් රජය පවසයි.

නමුත් සත්‍ය නම් මතුපිටින් පෙනෙන සුන්දරත්වය මෙම ව්‍යාපෘතියේ නොමැති වීමයි.

1. සංවර්ධන ප්‍රමුඛතා හඳුනා නොගෙන කරන ව්‍යාපෘතියක් වීම. (ඩොලර් බිලියනයක ණය මුදලක් යට කිරීම සහ එයින් නැවත ලැබෙන ප්‍රතිලාභ)

2. කුරුණෑගල සහ හබරණ දැනට පවතින දුම් රිය මාර්ගයේ දුර කි.මී. 113 කි. යෝජිත දඹුල්ල හරහා මාර්ගය කි.මී.88 කි. නව මාර්ගයෙන් අත්වන දුරේ වාසිය කි.මී. 25ක් පමණි.

3. වන අලින් ගහන වනාන්තර මැදින් සැලසුම් කර තිබීම තුළින් විය හැකි පාරිසරික හානිය. (*අලින්ට මාරූ වීමට පාලම් නිර්මාණය කරන බව පැවසේ)

4. හබරණ සිට සීගිරිය සහ දඹුල්ල වෙත පහසු ප්‍රවේශයක් දැනටමත් පැවතීම.

5. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට කොළඹට භාණ්ඩ (එළවළු?) ප්‍රවාහනය කිරීම හිතළුවක් වීම.

6. දැනට පවතින දුම්රිය මාර්ගය අනිවාර්‍ය අත් හැර දැමීමකට ලක්වීම. (දැනටත් දුම්රිය වාර 4ක් පමණ ධාවනය කරන දුම්රිය මාර්ගයකි )

7. කලාවැව, අවුකන, විජිතපුර ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංචාරක ගමනාන්ත කිහිපයකට සෘජුව එල්ල විය හැකි බලපෑම සහ එම ප්‍රදේශවල සංචාරක ආර්ථිකයට විය හැකි හානිය.

8. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අනු නගරයක් වන කැකිරාව දුම්රිය ස්ථානය මඟ හැරීම.

එසේම තමන් මතුකරණ කාරණය සිතියමක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී විමුක්ති දුෂාන්ත මෙසේ ගෙනහැර දක්වයි.

FB IMG 1559623483843

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න