එජාප ජනාධිපතිවරයෙක් යටතේ අගමැති වෙන්න : මෛත්‍රී හිත හදාගෙන !

එජාප ජනාධිපතිවරයෙක් යටතේ අගමැති වෙන්න : මෛත්‍රී හිත හදාගෙන !

ජනාධිපති සිරිසේන 2020 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බවත් ඒ වෙනුවට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නඩත්තුකර පවත්වාගෙන යන වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එසේම 2020 දී ජනාධිපති ධුරය එක්සත් ජාතික පක්ෂයටද අගමැති ධුරය මෛත්‍රිපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයාටද ලබා දීමට මේ වන විට පැවති සාකච්ජා වලදී තීරණය වී ඇති බව විශ්වාසදායි ආරංචි මාර්ග පවසා සිටින බවත් එම පුවතේ සඳහන් කර තිබේ.

එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

"2020 ජනාධිපතිවරණය පිලිබදව නොයෙකුත් දෙනා පල කල ඉගි සියල්ල සුනු විසිණු කරමින් ජනාධිපතිවරයා වෙනත්ම දේශපාලන වාතාවරණයක් රට තුල නිර්මාණය කර ඇත.තමන් කිසිසේත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කළ බව අද දිනයේ වීරකේසරී පුවත් පත වාර්තා කිරීමත් සමග නොයෙකුත් පුවත් පළවූ අතර මේ පිලිබදව අප විසින් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ කල සොයා බැලීමකදී අප වෙත ඔවුන් මීලග අගමැතිවරයා මෛත්‍රිපාල සිරිසේන මහතා බව තහවුරු කළේය.

එක්සත් ජාතික පක්ෂයේ බහුතරයද මේ වන විට මෙම යෝජනාවට කැමැත්ත පළකර ඇති බවද වාර්තා වේ."

එහෙම හිතාගෙන ඉන්න කියන්න : හැබැයි කීයටවත් දෙන්නේ නෑ - එජාපෙ ප්‍රබලයෙක් !

මේ සම්බන්ධව අප කල විමසුමකදී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ කිසිඳු විශ්වාසයක් නොමැති වත්මන් ජනාධිපතිට අගමැති තනතුර තබා ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධූරයක් හෝ ලබාදීමට එක්සත් ජාතික පක්ෂය කිසිඳු සූදානමක් නොමැති බවය.

රාජපක්ෂලා සමඟ එකතුව ව්‍යවස්ථා විරෝධී ආකාරයට කුමන්ත්‍රණ ආණ්ඩු පිහිටුවා, පසුව පොහොට්ටුව සමඟ දේශපාලන සන්ධාන හදන්න ගොස් හතර අතේ අනාගත් සිරිසේන ජනාධිපති සමඟ එක්සත් ජාතික පක්ෂය කිසිඳු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් ඔහු පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයා මෙසේද පැවසීය.

කලඳක හරි මොළයක් තියන ඕන කෙනෙකුට තේරෙනවා මේ ජනාධිපතිට ආය කීයටවත් දිනන්න බෑ කියලා. ඒක තේරුම් ගන්න අමුතු විද්‍යාවක් අවශ්‍ය නෑ. ඒක හරි පැහැදිළියි. තනියම බලය අල්ලන්න ගහපු ගේම් සේරම දැන් එළිවෙලා ඉවරයි. ඉතින් යන එන මං නැති වුණාම, එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිකම දීලා එයා අගමැති වෙන්න වගේ හීන පේන්න අරගෙන වෙන්න පුළුවන්. නැත්නම් ජනාධිපති ළඟ ඉන්න කේවට්ට උපදේශකයෝ මේ වගේ හීන පෙන්නලා ඒ මනුස්සයගේ තියන නම්බුවත් නැත්තටම නැති කරන්න හදනවා වෙන්න පුළුවන්. කොහොම වුනත් මනුස්සයෙකුට ඕන දෙයක් හිතාගෙන ඉන්න පුළුවන්. සිහින දකින්න පුළුවන්. ඒත් කීයටවත් එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරයෙක් යටතේ මෛත්‍රීට අගමැති වෙන්න දෙන්නේ නෑ. ඒ හීනය පවා විකාරයක් විතරයි.

ඔය දැන් මුට්ටිය දාගෙන යන්නේ ජනාධිපති අපේක්ෂකයා තරුණ අලුත් කෙනෙක් ගේන්න කියාගෙන. ජනාධිපති මොකටද අපේ පක්ෂය ගැන හිතන්නේ . ඔය එන්නේ පක්ෂ සමගිය නැති කරලා අපිවත් දුර්වල කරන්න. අපේ පක්ෂයේ විවිධ අදහස් තියන අය ඉන්න පුළුවන්. නමුත් අවසන් තීරණය ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්. එතන තමයි ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ. අන්න ඒ කෙනා දිනවන්න අපි බලාගෙන ඉන්නවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න