බැසිල් ගේම ඉල්ලයි : සන්ධාන කතා හබක් !

බැසිල් ගේම ඉල්ලයි : සන්ධාන කතා හබක් !

ඊළඟ ජනාධිපතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බවත් අලුත් මුහුණක් සමඟ එන්නේ නම් තමන් එක්සත් ජාතික පක්ෂයට සහය දෙන බවත් සඳහන් කරමින් ජනාධිපති සිරිසේන පසුගිය කැබිනට් අමාත්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශයට ක්ෂණික ප්‍රතිචාරයක් පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දක්වා තිබේ.

සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ ප්‍රතිචාර දැක්වීම සිදුකර ඇති අතර එහි "එළඹෙන දෙසැම්බර් මස 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ජනාධිපතිවරයෙකු ස්ථිර වශයෙන් දිවුරුම් දෙනු ඇත." යනුවෙන් සඳහන් කර තිබේ.

එසේම ඒ සමඟ මහින්ද රාජපක්ෂ , ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ එකට සිටින "අපි සූදානම් !" මැයෙන් සකස්කළ ප්‍රචාරක රූපයක්ද පළකර ඇත.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු පාර්ශවයේ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිල නොවන නිවේදනයක් මේ හරහා ලබාදී ඇති බවය.

basil

bas

සිරිසේන නොකවුට් !

එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් වෙනුවෙන් තවදුරටත් සාකච්ඡා කිරීම තේරුමක් නැති බවට එම පක්ෂයේ ස්ථාවරය වී ඇති බවත් වාර්තා වෙයි.

එම පක්ෂයේ ප්‍රබලයකු සඳහන් කර සිටියේ ජනාධිපති අපේක්ෂකත්වය හැර වෙනත් කිසිවක් යනාධිපති සිරිසේන අපේක්ෂා නොකරන බැවින් සහ තම පක්ෂය ඊට එකඟ නොවන බැවින් තවදුරටත් සාකච්ඡා පවත්වමින් පාක්ෂිකයන් තිගස්සවීම තේරුමක් නැති දෙයක් බවය.

මෙතෙක් පැවති සාකච්ඡා වලදී පවා කිසිඳු කරුණක් ගැන නිල එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකිවූ බවත් එබැවින් ඉදිරියේදී ඒ පිළිබඳ ශ්‍රීලනිපය වෙත නිලවශයෙන් දැනුම්දීමට කටයුතු කරන ලෙස තමන් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් රැසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට දන්වන බවත් ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න