රිෂාඩ්, සාලි, හිස්බුල්ලාට එරෙහිව : තවම පැමිණිලි එකයි !

රිෂාඩ්, සාලි, හිස්බුල්ලාට එරෙහිව : තවම පැමිණිලි එකයි !

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පැමිණිලි භාර ගැනීම වෙනුවෙන් ස්ථාපිත කල විශේෂ පොලිස් කමිටුව වෙත මේ වන විටත් ලැබී ඇත්තේ එක (01) පැමිණිල්ලක් පමණක් බව ආරක්ෂක අංශ ආරංචිමාර්ග පවසයි.

එම එකම පැමිණිල්ලත් ලැබී ඇත්තේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් ට එරෙහිව බවත් එහෙත් එම පැමිණිල්ලත් කොහෙත්ම පාස්කු ප්‍රහාරයට හෝ ත්‍රස්ත කටයුතු සම්බන්ධව නොවන බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊට අනුවරිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව මෙම පළමු පැමිණිල්ල ඉදිරිප්පත් කර ඇත්තේ ප්‍රමිතියෙන් තොර ආහාර ආනයනය කිරීමේ චෝදනාවන් ඇතුළු තවත් කරුණු කීපයක් සම්බන්ධයෙන් ය.

විමල් බදියුදීන්ට එරෙහිව කටින් බතල කොළ හිටවයි !

කෙසේවුවද පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන්ට එරෙහි චෝදනා ඔප්පු කර පෙන්වීමට තමා සූදානම් බවයි.

පාස්කු ඉරිදා දිනයේ බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට කලින් දා සතොස වාහනවලින් අදාල බෝම්බකරුවන් ප්‍රවාහනය කර ඇති බවත් ඒ හරහා බදියුදීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදයට සහය දී ඇති බවට සාක්ෂි පවතින බවද ඔහු පවසයි.

කඩුවෙල පැවති ජනහමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙසේ චෝදනා කර ඇති නමුත් අවම වශයෙන් ඔහු හෝ විශේෂ පොලිස් කමිටුව හමුවට ගොස් ඒ ගැන පැමිණිලි කර නොමැත.

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න