ලී මෝල් - වඩුමඩු තහනම් : වෙන රස්සා හොයාගන්න - ජනාධිපති

ලී මෝල් - වඩුමඩු තහනම් : වෙන රස්සා හොයාගන්න - ජනාධිපති

ගස් කැපීම සඳහා පිටරටින් මැෂින් ගෙන ඒම සම්පුර්ණයෙන් තහනම් කරන බවත් ලීමෝල් හා වඩු මඩු ද තහනමට ලක්කරන්නට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපති සිරිසේන පවසා ඇත.

ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීමට වසර පහක පමණ කාලයක් ලබා දෙන බවත් ඔහු සඳහන් කර ඇති අතර ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (6) පැවති ලෝක පරිසර දින ජාතික උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

ලී බඩු නිෂ්පාදනයේ දී අවශ්‍ය වන ලී පිටරටින් ගෙන්වීමට පියවර ගන්නා බව කී ජනාධිපතිවරයා පරිසරය වෙනුවෙන් දැඩි නීති පනවා ඇති බොහෝ රටවල මේ නීති ක‍්‍රියාත්මක වන්නේ යැයි ද ජනාධිපති එහිදී සඳහන් කර ඇති අතර ලොව බොහෝ රටවල ලීමෝල් තහනම් බවත් වන වගාව වැඩි කිරීමට නම් දැඩි තීරණ ගත යුතු බවත් පවසා තිබේ.

තමන් පොළොන්නරුවේ ගමක මළ ගෙදරක ගිය අවස්ථාවක එහි සිටි දුප්පත් ගම්වැසියෙක් හැම තැනම දම්වැල් කියත්, මේව තහනම් කරන තුරු කැලෑ කැපිම නවත්වන්නට බැහැ යනුවෙන් තමන්ට කී බවත් ඒ අනුව කල්පනා කර බලා දම්වැල් කියත් සියල්ල ලියාපදිංචි කළ බවත් කී ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශයේත් අදාළ ආයතනවලත් බොහෝ ඇසූ පිරූ තැන් ඇති උගතුන් සිටියත් මෙවැනි උපදෙසක් කිසිවිටෙකත් නොදුන් බවත් සඳහන් කළේය.

ලියාපදිංචි කිරීම ආරම්භ කර සති තුනක් ගත වනවිට 82000 ක් දම්වැල් කියත් ලියාපදිංචියට ඉල්ලූම් කර තිබු බව ද ජනාධිපති සිරිසේන සඳහන් කර ඇත.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න