මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ව විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙත ලිපියක් යොමු කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් අදාළ ලිපියද කූඨ ලේඛනයක් බවත් වාර්තා වෙයි.
පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නම යොදා සකස්කර මේ වන විට සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකර තිබෙන ලියවිල්ලක් සම්බන්ධව අප කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මේ බව තහවුරු කළේය.
එහිදී ඔහු සඳහන්කර සිටියේ රටේ ජාතිවාදී කෝලාහලයක් ඇතිකර ඒ හරහා දේශපාලන වාසි ලබා ගැනීමට අපේක්ෂා කරන පිසාචයන් පිරිසක් මෙවැනි කටයුත්තක් සිදුකර අමාත්‍යවරයාගේ කීර්තිනාමය කෙළෙසීමේ නින්දිත උත්සාහයක් ගෙන ඇති බවක් පෙනීයන බවයි.
එසේම අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මේ සම්බන්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ත්‍රස්ත අර්බුදය පවතින කාල වකවානුව තුළ කාදිනල් හිමි විසින් හානි දායක ආකාරයේ ක්‍රියා සිදුකළ බවට අදාළ සාවද්‍ය ලිපිය මඟින් චෝදනා එල්ල කර ඇති අතර එම කූඨ ලේඛනය යොදාගෙන ප්‍රවෘත්තියක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වාගෙන යන වෙබ් අඩවි කටයුතු කර තිබේ.
අදාළ පුවත පවා එම වෙබ් අඩවි පළකර තිබෙන්නේ අවම වශයෙන් එහිදී මේ ලිපියේ සත්‍ය අසත්‍ය තාවය සම්බන්ධව හෝ අමාත්‍යවරයාගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් පවා ලබානොගෙනය.
සාවද්‍ය පුවත් ප්‍රචාරය කරන කුප්‍රකට වෙබ් අඩවියක් කූඨ ලේඛනය පාදක කරගෙන පුවතක් නිර්මාණය කර ඇති ආකාරය සහ අදාළ ලිපිය කුඨ ලේඛනයක් බව දැක්වෙන ජායාරූප පහත දැක්වේ.



